මූල්‍ය අරමුදල සමග ඉදිරියට යනවා නම් තව බදු වැඩි කළ යුතුයි - ආර්ථික විද්‍යාඥ මහාචාර්ය වසන්ත අතුකෝරාල
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ඉදිරියට ගෙනයාමට නම් ක්‍රම ක්‍රමයෙන් රජයේ බදු ආදායම් වැඩිකර ගත යුතුව ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ ආර්ථික විද්‍යාඥ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා පවසයි.
මෙවර යෝජනා කරන ලද බදු සංශෝධන අනුව සමහර පැතිවලින් රජයට යම් ආකාරයකට බදු ආදායම් අහිමිවෙන බවත් ඒ මහතා පෙන්වා දෙයි.
“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ඉදිරියට ගෙනයාමට නම් ක්‍රම ක්‍රමයෙන් රජයේ බදු ආදායම් වැඩිකර ගතයුතුව තියෙනවා. එය මූලික අවශ්‍යතාවක්. මොකද ඒ ඒ වර්ෂ වන විට රජයේ අයවැය හිඟය හා ප්‍රාථමික ගිණුමේ ශේෂය කුමන මට්ටමකින් පවත්වාගෙන යා යුතුද, රජයේ බදු ආදායම කුමන අපේක්ෂිත මට්ටමක් කරා ගමන් කළ යුතු ද ආදී කාරණා පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිශ්චිතව සඳහනක් කරලා තියෙනවා. ඒ නිසා බදු ආදායම්වලට දැඩිව බලපෑම් එල්ල වන ලෙසින් තමන්ට වුවමනා ආකාරයට කටයුතු කිරීමට රජයට හැකියාවක් ලැබෙන්නේ නැහැ.
මෙවර යෝජනා කරන ලද බදු සංශෝධන අනුව සමහර පැතිවලින් රජයට යම් ආකාරයකට බදු ආදායම් අහිමිවෙනවා. විශේෂයෙන්ම පුද්ගලික ආදායම් බදු සඳහා යම් සහන ලබාදීම සඳහා කටයුතු කරලා තියෙනවා. මින් පෙර පෞද්ගලික ආදායම් බදු අය කළේ මාසයක ආදායම රුපියල් ලක්ෂයකට වඩා වැඩි ආදායම් පවතින අයගෙන් පමණයි. පසුව ලක්ෂ පහෙන් පහට තමයි බදු ප්‍රතිශතයන් ක්‍රියාත්මක වුණේ. දැන් එක් ලක්ෂ පනස් දහසට වඩා වැඩි ආදායම් ලබන අයගෙන් පමණක් එම බදු අයකර ගැනීමටයි තීරණය කරලා තියෙන්නේ.
අලුත් සංශෝධනයන් තුළ පෙර පැවැති පළමු ලක්ෂ පහ වෙනුවට දැන් ලක්ෂ දහය සඳහා සියයට හයක බදු අය කිරීම සඳහාත් නිර්දේශ කරලා තියෙනවා. මේ ලෙසින් රටේ ජනතාවට විශේෂයෙන්ම වෘත්තිකයන් ආදීන්ට සහන ලබාදීම නිසා රජයේ බදු ආදායම සැලකිය යුතු මට්ටමකට අඩුවෙන්න පුළුවන්. ඇත්තටම මේ නිසා රජයේ බදු ආදායම බිලියන හතළිහක් පනහක් අතර ප්‍රමාණයකින් අඩුවෙයි කියලා අපි අපේක්ෂා කරනවා. ඒත් සමග රජයේ බදු ආදායම ඉහළ නංවා ගැනීමට රජයට විකල්පයන් යෝජනා කරන්න වෙනවා. ඒ එක විකල්පයක් හැටියට සියයට පහක තිබුණු රඳවා ගැනීමේ බද්ද සියයට දහය දක්වා වැඩි කරන්න රජය යෝජනා කරලා තියෙනවා. ඊට අමතරව අපනයන බදු යම් ආකාරයකට සංශෝධනය කිරීම ඇතුළු තවත් සංශෝධන කිහිපයක් මේ තුළ අන්තර්ගත වෙලා තියෙනවා.”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්