News Category
From Date
To Date
Maximum Number of Result

මූල්‍ය අරමුදල සමග ඉදිරියට යනවා නම් තව බදු වැඩි කළ යුතුයි - ආර්ථික විද්‍යාඥ මහාචාර්ය වසන්ත අතුකෝරාල

Dec 24, 2024 at 05:18 AM
|

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ඉදිරියට ගෙනයාමට නම් ක්‍රම ක්‍රමයෙන් රජයේ බදු ආදායම් වැඩිකර ගත යුතුව ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ ආර්ථික විද්‍යාඥ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා පවසයි.

මෙවර යෝජනා කරන ලද බදු සංශෝධන අනුව සමහර පැතිවලින් රජයට යම් ආකාරයකට බදු ආදායම් අහිමිවෙන බවත් ඒ මහතා පෙන්වා දෙයි.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ඉදිරියට ගෙනයාමට නම් ක්‍රම ක්‍රමයෙන් රජයේ බදු ආදායම් වැඩිකර ගතයුතුව තියෙනවා. එය මූලික අවශ්‍යතාවක්. මොකද ඒ ඒ වර්ෂ වන විට රජයේ අයවැය හිඟය හා ප්‍රාථමික ගිණුමේ ශේෂය කුමන මට්ටමකින් පවත්වාගෙන යා යුතුද, රජයේ බදු ආදායම කුමන අපේක්ෂිත මට්ටමක් කරා ගමන් කළ යුතු ද ආදී කාරණා පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිශ්චිතව සඳහනක් කරලා තියෙනවා. ඒ නිසා බදු ආදායම්වලට දැඩිව බලපෑම් එල්ල වන ලෙසින් තමන්ට වුවමනා ආකාරයට කටයුතු කිරීමට රජයට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

මෙවර යෝජනා කරන ලද බදු සංශෝධන අනුව සමහර පැතිවලින් රජයට යම් ආකාරයකට බදු ආදායම් අහිමිවෙනවා. විශේෂයෙන්ම පුද්ගලික ආදායම් බදු සඳහා යම් සහන ලබාදීම සඳහා කටයුතු කරලා තියෙනවා. මින් පෙර පෞද්ගලික ආදායම් බදු අය කළේ මාසයක ආදායම රුපියල් ලක්ෂයකට වඩා වැඩි ආදායම් පවතින අයගෙන් පමණයි. පසුව ලක්ෂ පහෙන් පහට තමයි බදු ප්‍රතිශතයන් ක්‍රියාත්මක වුණේ. දැන් එක් ලක්ෂ පනස් දහසට වඩා වැඩි ආදායම් ලබන අයගෙන් පමණක් එම බදු අයකර ගැනීමටයි තීරණය කරලා තියෙන්නේ.

අලුත් සංශෝධනයන් තුළ පෙර පැවැති පළමු ලක්ෂ පහ වෙනුවට දැන් ලක්ෂ දහය සඳහා සියයට හයක බදු අය කිරීම සඳහාත් නිර්දේශ කරලා තියෙනවා. මේ ලෙසින් රටේ ජනතාවට විශේෂයෙන්ම වෘත්තිකයන් ආදීන්ට සහන ලබාදීම නිසා රජයේ බදු ආදායම සැලකිය යුතු මට්ටමකට අඩුවෙන්න පුළුවන්. ඇත්තටම මේ නිසා රජයේ බදු ආදායම බිලියන හතළිහක් පනහක් අතර ප්‍රමාණයකින් අඩුවෙයි කියලා අපි අපේක්ෂා කරනවා. ඒත් සමග රජයේ බදු ආදායම ඉහළ නංවා ගැනීමට රජයට විකල්පයන් යෝජනා කරන්න වෙනවා. ඒ එක විකල්පයක් හැටියට සියයට පහක තිබුණු රඳවා ගැනීමේ බද්ද සියයට දහය දක්වා වැඩි කරන්න රජය යෝජනා කරලා තියෙනවා. ඊට අමතරව අපනයන බදු යම් ආකාරයකට සංශෝධනය කිරීම ඇතුළු තවත් සංශෝධන කිහිපයක් මේ තුළ අන්තර්ගත වෙලා තියෙනවා.”

සම්බන්ධිත පුවත් | Related News

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කුරුණෑගල ජන රැළියේදී පැවසීය.
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
ලබන 6 වැනිදා පළාත් පාලන ඡන්ද විමසීම ආණ්ඩුව ජයග්‍රහණය නොකරන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා.
2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.
ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.
පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.
අල්ලස් ලබා ගත් බව කියන ක්වාසි විනිසුරුවරයෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු සිව් දෙනෙකු එළැඹෙන 05 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද(21) උදෑසන මිය ගිය බව වතිකානුවේ භාන්ඩාගාර දෙපාර්තමේන්තුවේ කාදිනල් කෙවින් ෆෙරෙල් නිවේදනය කළේය.

ප්‍රධාන පුවත්

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි

2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.

ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි

ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි

ඔක්තෝබර් මැද භාගයේදී බලාත්මක වීමට නියමිත චීනයේ නිර්මාණය කරන ලද සහ චීනයේ ලියාපදිංචි යාත්‍රා සඳහා නව වරාය ගාස්තු පිළිබඳ එක්සත් ජනපද රජයේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්,

ONLINE පනත ඉවතට

‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ නොඑසේනම් බොහෝ දෙනෙක් දන්නා පරිදි ඔන්ලයින් ( ONLINE ) පනත අවලංගු කිරීමට පියවර ගැනේ.

සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි

සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදාවෙයි.

වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි

බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් චෝදනා ලැබ වියට්නාමයේ තහනම් කොට ඇති සංවිධානයක් ලංකාවට පැමිණ පාද චාරිකාවක නිරත වන බවත් ඔවුන් භික්ෂූ විනයට පටහැනි ලෙස ක්‍රියාකරන සංවිධානයක් බවත් ඒබැවින් ඒම පාද

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.