
මත්ද්‍රව්‍ය මැඩලීමට පොලීසියට පූර්ණ නිදහස තිබෙනවා - නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල (වීඩියෝ)
මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා වත්මන් ආණ්ඩුව පොලීසියට පූර්ණ නිදහස ලබාදී ඇතයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල පවසනවා.
පිටව පැවසුවේ.
කොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය මත්ද්‍රව්‍ය තිප්පොළක් බවට පත්ව ඇතැයි කියන තොරතුරු පිළිබඳ හෙළි කරමිනුයි නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බ
පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය 2014 වසරේදි ඉදිකළ එකක්.
ඒ සඳහා රුපියල් මිලියන 352ක් වැය කර තිබෙනවා.
වත්මනේ එහි ලෑලි දිරාපත්වීම, විදුලි ආලෝක පද්ධතිය නිසි පරිදි ක්‍රියාක්මත නොවීම, අපිරිසිදු වටපිටාව, දුර්ගන්ධය මෙන්ම නීතිවිරෝධී කටයුතු සිදුවීම හේතුවෙන් ගෙවුණු කාලය පුරා එහි තිබු වෙළෙඳසැල් 92න් බහුතරයක් වැසි ගොස් තිබෙන බව වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල ගේ ප්‍රධානත්වයෙන් කොළඹ වේල්ල වීදිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවති ප්‍රාදේශීය කමිටු රැස්වීමකදී මේ බව අනාවරණය වුණා.
එහිදී මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල,
"ලොකු අසාධාරණයක් මේ වෙළෙඳ මහතුන්ට සිදුවුණා. අල්ලපු අත්තත් නෑ . පය ගහපු අත්තත් නැහැ. තමුන්නාන්සේලාට සාධාරණයක් ඉටු කරන්නම්. පොලීසිය මේක අහගෙන ඉන්න. මම වගකීමෙන් කියන්නේ පාවෙන වෙළෙඳසැලේ ස්ථාන කිහිපයක් මත්ද්‍රව්‍ය භාවිත කරන ස්ථාන බවට පත්වෙලා. වහාම ක්‍රියාත්මක වෙන්න. මීට කලින් පැවැති රජයන් තමුන්නාන්සේලාට බාධා කළා. මහපුටුවලින්ම බ්ලොක් කළා. හැබැයි අපි විවෘතව මේ කියන්නේ අපේ කිසිදු කෙනෙක් ජනාධිපතිවරයාගේ සිට පහළට මත්ද්‍රව්‍ය වැඩිකරන්න අත්උදවු දෙන්නේ නැහැ. ඒ දේශපාලන බාධකය නැති කරලා තියෙන්නේ. දේශපාලන බාධකය නැති වෙද්දි වගකීම යන්නේ තමුන්නාන්සේලාට. මේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඇතුලේ ඉන්න ස්ථානාධිපතිවරුන් තමා මේ ඉන්නේ. හැබැයි තමුන්නාන්සේලාට පුළුවන්කමක් නැතිනම් මේ දේශපාලන බාධකයක් නැති වෙද්දිත් මත්‍ද්‍රව්‍ය භාවිතය අඩුකරලා අපිට වාර්තාවක් දෙන්න. එහෙනම් ගැටලුව තියෙන්නේ රජයේ නෙවෙයි පොලිස් දෙපාර්තමේන්තුවේ. මුළු ජාතියක් විනාශවෙලා තියෙන්නේ මේකට කරුණාකරලා මැදිහත් වෙන්න." යැයි
වැඩිදුරටත් පැවසුවා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
