කසිප්පු වෙනුවට ලාභෙට අරක්කු
නීතිවිරෝධී මධ්‍යසාර පානය කරන පිරිස් ඉන් ගලවාගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත්ව තිබෙන පසුබිමක, ඒ පිළිබඳව සැබෑ උවමනාවත් ඇත්නම්, සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් කළයුත්තේ වැටළීම් සිදුකර නීතිවිරෝධී අරක්කු නිෂ්පාදනය අඩාළ කිරීම මිස, කසිප්පු වෙනුවට වෙනත් නිෂ්පාදනයක් අඩු මිලට ලබාදීම නොවන බව මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ වැඩසටහන් අධ්‍යක්ෂ අමරනාත් තැන්න පවසයි.
වර්තමානයේ දේශපාලන මැදිහතවීමක් නොමැති අවස්ථාවක නීතිවිරෝධී මත්පැන් පෙරන ස්ථාන වටළා සම්පූර්ණයෙන් ඒවා පාලනය කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුවට හා පොලිසියට හැකියාව තිබෙන බව ඔහු පෙන්වාදෙයි.
එසේ නොමැතිව මිල අඩු අරක්කු හඳුන්වාදීම වැනි විද්‍යාත්මක නොවන තීරණ ගැනීමෙන් තත්ත්වය වඩාත් බරපතළවීමක් මිස යහපතක් සිදුනොවන බවත් හෙතෙම සදහන් කරයි.
මෙවැනි තීරණ ගැනීමට පෙර මේ පිළිබඳ විද්‍යාත්මක සාධක අධ්‍යයනය කිරීම අදාළ බලධාරීන් විසින් සිදු කළ යුතු නොවේදැයි හෙතෙම ප්‍රශ්න කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මධ්‍යසාර අවම කිරීමේ නිර්දේශවල මිලදී ගැනීමේ හැකියාව අඩුකිරීම සහ සුලබතාව අඩුකිරීම රජයකට ගත හැකි වියදම් අඩුම සහ ඵලදායීම ක්‍රමවේදයක් ලෙස නිර්දේශ කර ඇති බවත් ඔහු පෙන්වාදෙයි.
පසුගිය වර්ෂවල බදු වැඩිකිරීම හරහා සුරාබදු අදායම් වැඩි වී මධ්‍යසාර භාවිතය අඩු වූ පසුබිමක මෙවැනි තීරණ වලින් මධ්‍යසාර නිෂ්පාදනය කරන සමාගම්වලට වාසියක් අත්වීම මිස ජනතාවට වාසියක් නොවන බවත් අමරනාත් තැන්න පෙන්වාදෙයි.
අරක්කුවල මිල අඩුකළ විට කසිප්පුවලද මිල ද අඩුවන අතර, නීතිවිරෝධි අරක්කු ව්‍යාපාරය හැමවිටම නීතියානුකූල මධ්‍යසාරවලට වඩා අඩු මිලක් පවත්වා ගනී.
එවිට කසිප්පු පානය කිරීමේ අඩුවක් සිදුනොවන අතර තව තවත් වැඩිවීමද සිදුවන බව පැවැසේ.
මීට පෙර අවස්ථාවලත් කසිප්පු බීම අඩුකිරීමට බව පවසමින් බියර් මිල අඩුකළ අවස්ථා පැවැති බවත්, එවැනි අවස්ථාවල කසිප්පු භාවිතයේ අඩුවක් සිදුනොවුණු අතර, බියර් බීම වැඩි වූ බවත් සංඛ්‍යාලේඛන වලින් පෙන්නුම් කරන බවත් හෙතෙම පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්