
කසිප්පු වෙනුවට ලාභෙට අරක්කු
නීතිවිරෝධී මධ්‍යසාර පානය කරන පිරිස් ඉන් ගලවාගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත්ව තිබෙන පසුබිමක, ඒ පිළිබඳව සැබෑ උවමනාවත් ඇත්නම්, සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් කළයුත්තේ වැටළීම් සිදුකර නීතිවිරෝධී අරක්කු නිෂ්පාදනය අඩාළ කිරීම මිස, කසිප්පු වෙනුවට වෙනත් නිෂ්පාදනයක් අඩු මිලට ලබාදීම නොවන බව මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ වැඩසටහන් අධ්‍යක්ෂ අමරනාත් තැන්න පවසයි.
වර්තමානයේ දේශපාලන මැදිහතවීමක් නොමැති අවස්ථාවක නීතිවිරෝධී මත්පැන් පෙරන ස්ථාන වටළා සම්පූර්ණයෙන් ඒවා පාලනය කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුවට හා පොලිසියට හැකියාව තිබෙන බව ඔහු පෙන්වාදෙයි.
එසේ නොමැතිව මිල අඩු අරක්කු හඳුන්වාදීම වැනි විද්‍යාත්මක නොවන තීරණ ගැනීමෙන් තත්ත්වය වඩාත් බරපතළවීමක් මිස යහපතක් සිදුනොවන බවත් හෙතෙම සදහන් කරයි.
මෙවැනි තීරණ ගැනීමට පෙර මේ පිළිබඳ විද්‍යාත්මක සාධක අධ්‍යයනය කිරීම අදාළ බලධාරීන් විසින් සිදු කළ යුතු නොවේදැයි හෙතෙම ප්‍රශ්න කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මධ්‍යසාර අවම කිරීමේ නිර්දේශවල මිලදී ගැනීමේ හැකියාව අඩුකිරීම සහ සුලබතාව අඩුකිරීම රජයකට ගත හැකි වියදම් අඩුම සහ ඵලදායීම ක්‍රමවේදයක් ලෙස නිර්දේශ කර ඇති බවත් ඔහු පෙන්වාදෙයි.
පසුගිය වර්ෂවල බදු වැඩිකිරීම හරහා සුරාබදු අදායම් වැඩි වී මධ්‍යසාර භාවිතය අඩු වූ පසුබිමක මෙවැනි තීරණ වලින් මධ්‍යසාර නිෂ්පාදනය කරන සමාගම්වලට වාසියක් අත්වීම මිස ජනතාවට වාසියක් නොවන බවත් අමරනාත් තැන්න පෙන්වාදෙයි.
අරක්කුවල මිල අඩුකළ විට කසිප්පුවලද මිල ද අඩුවන අතර, නීතිවිරෝධි අරක්කු ව්‍යාපාරය හැමවිටම නීතියානුකූල මධ්‍යසාරවලට වඩා අඩු මිලක් පවත්වා ගනී.
එවිට කසිප්පු පානය කිරීමේ අඩුවක් සිදුනොවන අතර තව තවත් වැඩිවීමද සිදුවන බව පැවැසේ.
මීට පෙර අවස්ථාවලත් කසිප්පු බීම අඩුකිරීමට බව පවසමින් බියර් මිල අඩුකළ අවස්ථා පැවැති බවත්, එවැනි අවස්ථාවල කසිප්පු භාවිතයේ අඩුවක් සිදුනොවුණු අතර, බියර් බීම වැඩි වූ බවත් සංඛ්‍යාලේඛන වලින් පෙන්නුම් කරන බවත් හෙතෙම පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
