
බාර් පර්මිට් ගත් අයගේ විතරක් නෙවෙයි පුළුවන්නම් නිර්දේශ කළ අයගෙත් නම් කියන්න... සුමන්තිරන්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්
පසුගිය ආණ්ඩුව කාලයේ බාර් පර්මිට් ලබාගත් අයගේ නම් ලැයිස්තුව පමණක් නොව ඔවුන්ට බාර් පර්මිට් ලබාදිය යුතු යැයි නිර්දේශ කළ පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවත් හෙළිදරව් කළ යුතු යැයි ඉලංගෙයි තමිල් අරසු කච්චි මාධ්‍ය ප්‍රකාශක එම්. ඒ. සුමන්තිරන් සඳහන් කරයි.
වත්මන් ආණ්ඩුව බලයට පත්වී මාස තුනක කාලයක් ඇතුළත බාර් පර්මිට් ලබාගත් අයගේ මෙන් ම ඒ සඳහා නම් නිර්දේශ කළ අයගේ ලැයිස්තුව හෙළිදරව් කරන බව පැවැසුවත් බාර් පර්මිට් ලබා ගැනීමට නම් නිර්දේශ කළ අය පිළිබඳ හෙළිදරව් නොකිරීමෙන් වත්මන් ආණ්ඩුවත් වංචාවට දූෂණයට සහාය දක්වන්නේ දැයි යන සැකයක් මතුවන බව ඔහු සඳහන් කළේය.
යාපනය, වඩමාරච්චි ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් සුමන්තිරන් මහතා මේ බව සඳහන් කළේය.
දේශපාලන අල්ලස් වශයෙන් බාර් පර්මිට් ලබා දී ඇති බවට චෝදනා එල්ල වන බැවින් මෙසේ බාර් පර්මිට් ලබා දීමට නිර්දේශ කළ පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවත් ආණ්ඩුව වහා ම හෙළිදරව් කළ යුතු බව ද ඒ මහතා අවධාරණය කළේය.
පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලැබූ උතුරු නැගෙනහිර පළාත් නියෝජිතයන් දෙදෙනෙකු දැනටමත් තමන් බාර් පර්මිට් ලබා ගැනීමට නිර්දේශ කළ බව පිළිගෙන තිබෙන බව ද ඔවුන් පැවැති මහ මැතිවරණයට ඉදිරිපත් නොවූ බව ද සුමන්තිරන් මහතා කීය.
බාර් පර්මිට් ලබාදී ඇත්තේ, දේශපාලන අල්ලස් වශයෙන් බැවින් යැයි වත්මන් ආණ්ඩුවේම ප්‍රකාශකයන් මැතිවරණයට පෙර පැවැසූ බැවින් බාර් පර්මිට් ලබා දීමට නිර්දේශ කළ මහජන නියෝජිතයන්ගේ ලැයිස්තුවත් හෙළිදරව් කිරීම ආණ්ඩුවේ වගකීමක් බවද සුමන්තිරන් මහතා වැඩිදුරට ත් මෙහිදී අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
