
ගැසට්ටුව එනතෙත් යළී සහල් ආනයනය බැහැ... රේගුව සීරුවෙන්
ආනයනය සඳහා වන ගැසට් පත්‍රය නිකුත් කරන තෙක් යළි කිසිදු හෙයකින් මෙරටට සහල් ආනයනය කිරීමේ හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
පෞද්ගලික අංශය සඳහා සහල් ගෙන්වීමට ලබා දී තිබු කාලය පසුගිය 20 වැනිදායින් අවසන් වු අතර ඒ වන විට මෙරටට සහල් මෙට්‍රික් ටොන් 67,000ක ප්‍රමාණයක් ආනයනය කර තිබුණි.
කෙසේ වෙතත් රජය පසුගියදා සඳහන් කළේ සහල් ආනයනය සඳහා ලබා දුන් කාලය ලබන වසරේ ජනවාරි මස 10 වනදා දක්වා දීර්ඝ කරන බවය.
එහෙත් මේ දක්වාත් ඊට අදාල ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර නොමැති බැවින් යම්හෙයකින් රජය හෝ රජයේ මැදිහත්වීම මත සහල් ආනයනය කළ ද ඒවා මෙරට වෙළඳපොළ වෙත නිකුත් කිරීමේ හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා රේගුව සදහන් කළේය.
මේ අතර රජය විසින් ආනයනය කරන සහල් මෙට්‍රික් ටොන් 52,000ක තොගයක් ඉදිරි දින කිහිපය තුළ මෙරටට රැගෙන ඒමට නියමිතව තිබේ.
කෙසේවෙතත් රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ අද (23) දිනයේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතුරුව සහල් ආනයනය කිරීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරනු ඇති බවය.
මේ අතර සහල් තොග නිසිපරිදි නොලැබීම හේතුවෙන් වසා දමා තිබු මරදගහමුල විශේෂිත තොග වෙළද මධ්‍යස්ථානයේ සහල් වෙලඳසැල් අද දිනයේ සිට යළි ආරම්භ කරන බව එම ව්‍යාපාරිකයින් පවසයි.
පෞද්ගලික අංශයේ මැදිහත්වීම මත සහල් තොග මෙරටට ආනයනය කිරීමත් සමග මෙලෙස වෙළඳසැල් යළි විවෘත කරන බව එම ව්‍යාපාරිකයින් සදහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
