ගැසට්ටුව එනතෙත් යළී සහල් ආනයනය බැහැ... රේගුව සීරුවෙන්
ආනයනය සඳහා වන ගැසට් පත්‍රය නිකුත් කරන තෙක් යළි කිසිදු හෙයකින් මෙරටට සහල් ආනයනය කිරීමේ හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
පෞද්ගලික අංශය සඳහා සහල් ගෙන්වීමට ලබා දී තිබු කාලය පසුගිය 20 වැනිදායින් අවසන් වු අතර ඒ වන විට මෙරටට සහල් මෙට්‍රික් ටොන් 67,000ක ප්‍රමාණයක් ආනයනය කර තිබුණි.
කෙසේ වෙතත් රජය පසුගියදා සඳහන් කළේ සහල් ආනයනය සඳහා ලබා දුන් කාලය ලබන වසරේ ජනවාරි මස 10 වනදා දක්වා දීර්ඝ කරන බවය.
එහෙත් මේ දක්වාත් ඊට අදාල ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර නොමැති බැවින් යම්හෙයකින් රජය හෝ රජයේ මැදිහත්වීම මත සහල් ආනයනය කළ ද ඒවා මෙරට වෙළඳපොළ වෙත නිකුත් කිරීමේ හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා රේගුව සදහන් කළේය.
මේ අතර රජය විසින් ආනයනය කරන සහල් මෙට්‍රික් ටොන් 52,000ක තොගයක් ඉදිරි දින කිහිපය තුළ මෙරටට රැගෙන ඒමට නියමිතව තිබේ.
කෙසේවෙතත් රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ අද (23) දිනයේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතුරුව සහල් ආනයනය කිරීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරනු ඇති බවය.
මේ අතර සහල් තොග නිසිපරිදි නොලැබීම හේතුවෙන් වසා දමා තිබු මරදගහමුල විශේෂිත තොග වෙළද මධ්‍යස්ථානයේ සහල් වෙලඳසැල් අද දිනයේ සිට යළි ආරම්භ කරන බව එම ව්‍යාපාරිකයින් පවසයි.
පෞද්ගලික අංශයේ මැදිහත්වීම මත සහල් තොග මෙරටට ආනයනය කිරීමත් සමග මෙලෙස වෙළඳසැල් යළි විවෘත කරන බව එම ව්‍යාපාරිකයින් සදහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්රවාහන කේන්ද්රස්ථානයක් බවට..
ට්රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්රම්ප්