සහල් ආනයනික බද්ද අඩු කරන්න... සහල් වෙළෙඳුන් රජයෙන් ඉල්ලයි
සහල් ආනයනය කිරීමේදී කිලෝග්‍රෑම් එකකට රේගුව විසින් අයකරනු ලබන රුපියල් 65ක බදු මුදල යම් ප්‍රමාණයකින් අඩුකර දෙන ලෙස බොහෝ ප්‍රදේශවල වෙළෙඳුන් රජයෙන් ඉල්ලා සිටී.
වෙළෙඳුන් මෙන් පාරිභෝගික සංවිධාන පෙන්වා දෙන්නේ, ආනයනික සහල් බදු අඩු කළහොත් පාලන මිලට සහල් වෙළෙඳපොළේ පවතිනු ඇති බවය.
මාස දෙකක පමණ සිට පවතින සහල් අර්බුදයට පිළියම් ලෙස උපරිම තොග හා සිල්ලර මිල පැනවීම, පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් සහල් මෝල් වැටලීම මෙන්ම විදේශ රටවලින් සහල් ආනයනය කිරීමටත් රජය පසුගිය සමයේ විවිධ පියවර අනුගමනය කළේය.
සහල් ආනයනයට අවසර හිමිවූ දෙසැම්බර් 20 වැනිදා දක්වා සහල් මෙට්‍රික්ටොන් 67,000ක් ආනයනයකර තිබූ බව ශ්‍රී ලංකා රේගුව පැවසීය.
ඉන් මෙට්‍රික්ටොන් 38,500ක් නාඩු සහල් වන අතර සෙසු මෙට්‍රික්ටොන් 28,500ක් කැකුළු සහල් ය.
මෙම සහල් තොග වෙනුවෙන් ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 4.3ක් ආනයන බදු ලෙස අයකර ඇත්තේ කිලෝග්‍රෑම් එකකට රුපියල් 65 බැගිනි.
ආනයනික සහල් තොග වෙළෙඳපොළට ලැබීම ආරම්භවීමත් සමඟ පැවති සහල් හිඟය යම් ප්‍රමාණයකින් සමනයවී ඇතත්, තවමත් වෙළෙඳපොළේ නිසි ප්‍රමාණයට සහල් නොමැති බව ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වෙයි.
කෙසේවෙතත් තවත් ප්‍රදේශවල වෙළෙඳුන් පවසන්නේ, තමන් සතුව දේශීය සහල් යම් ප්‍රමාණයකින් ඇතත් ආනයනික සහල් නොමැති බවය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්රස්ථානයක් බවට..
ට්රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්රම්ප්