හිමාලය ප්‍රකාශනය භාර නොගැනීමට ජනපති අනුර නොපැමිණීම අගය කරනවා- දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර
බෞද්ධ භික්ෂූන් වහන්සේලා හත් නමක් විසින් දෙමළ බෙදුම්වාදීන්ගේ අභිලාෂයන් ඉටු කරමින් සකස් කරන ලද හිමාලය ප්‍රකාශය ජනපති අනුර කුමාර වෙත පිළිගැන්වීමට සංවිධානය කළ උත්සවයකට ජනපති නොපැමිණි බව වාර්තා විය.
ඒ සම්බන්ධයෙන් ලංකා ලීඩර් පුවත් වෙබ් අඩවිය දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් සිය මතය විමසනු ලැබුවා.
එහිදී අදහස් දක්වමින්, " පළමු කොටම ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා බෙදුම්වාදීන්ගේ මර උගුලට පය නොතැබීම සම්බන්ධයෙන් අපගේ ස්තුතිය පල කරනවා. ඒ වගේම යුද්ධයෙන් දිනා ගත නොහැකි වූ වෙනම රාජ්‍යය දෙමළ ජාතික සංධානයේ හිටපු නායක සම්බන්ධන් විසින් 2012 වර්ෂයේ තරම් ඈත කාලයක ප්‍රකාශ කළ සාමාකාමී උපක්‍රම මගින් තම බෙදුම්වාදී අරමුණු මුදුන් පමුනුවා ගැනීමේ මෙහෙයුම අප සමාජය අවබෝධ කර ගැනීමත් හොඳ ප්‍රවනතාවයක්. මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි ඇතුළු විද්වතුන්ගේ මුලසුනින් යුතුව විවිධ ජාතික සංවිධාන 55 කට ආසන්න සංඛ්‍යාවක නායකයන් අත්සන් කළ "බෙදුම්වාදීන්ගේ මාර්ග සිතියම අභියස නව විධායක ජනපතිඳුන්ගේ අභියෝගය හෙවත් මහජන සංදේශය" පසුගිය 17 වනදා අපි ජනාධිපති තුමාට භාර දුන්න. ඒ වගේම පසුගිය 19 වෙනිදා කොළඹ ජානකී හෝටලයේ පැවැති හිමාලය ප්‍රකාශකයන්ගේ වැඩමුළුවට එරෙහිවත් විවිධ ජාතික සංවිධාන විරෝධය පල කළා. එම පිරිස් ඊයේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිටදීත් විරෝධය දක්වා තිබුනා. මෙයින් පෙනෙනවා සමාජය බෙදුම්වාදීන්ට දොල පිදේනි දීමට එකඟ නැති බව.නැවත වතාවක් ජනාධිපති තුමා හිමාලයා ප්‍රකාශකයන්ගේ උත්සවයට නොපැමිනීම හොඳ දෙයක් බව අවධාරණය කරනවා. අපි එතුමාගේ ක්‍රියාව අගය කරනවා."
ආශ්‍රිත පුවත්..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා