
හිමාලය ප්‍රකාශනය භාර නොගැනීමට ජනපති අනුර නොපැමිණීම අගය කරනවා- දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර
බෞද්ධ භික්ෂූන් වහන්සේලා හත් නමක් විසින් දෙමළ බෙදුම්වාදීන්ගේ අභිලාෂයන් ඉටු කරමින් සකස් කරන ලද හිමාලය ප්‍රකාශය ජනපති අනුර කුමාර වෙත පිළිගැන්වීමට සංවිධානය කළ උත්සවයකට ජනපති නොපැමිණි බව වාර්තා විය.
ඒ සම්බන්ධයෙන් ලංකා ලීඩර් පුවත් වෙබ් අඩවිය දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් සිය මතය විමසනු ලැබුවා.
එහිදී අදහස් දක්වමින්, " පළමු කොටම ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා බෙදුම්වාදීන්ගේ මර උගුලට පය නොතැබීම සම්බන්ධයෙන් අපගේ ස්තුතිය පල කරනවා. ඒ වගේම යුද්ධයෙන් දිනා ගත නොහැකි වූ වෙනම රාජ්‍යය දෙමළ ජාතික සංධානයේ හිටපු නායක සම්බන්ධන් විසින් 2012 වර්ෂයේ තරම් ඈත කාලයක ප්‍රකාශ කළ සාමාකාමී උපක්‍රම මගින් තම බෙදුම්වාදී අරමුණු මුදුන් පමුනුවා ගැනීමේ මෙහෙයුම අප සමාජය අවබෝධ කර ගැනීමත් හොඳ ප්‍රවනතාවයක්. මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි ඇතුළු විද්වතුන්ගේ මුලසුනින් යුතුව විවිධ ජාතික සංවිධාන 55 කට ආසන්න සංඛ්‍යාවක නායකයන් අත්සන් කළ "බෙදුම්වාදීන්ගේ මාර්ග සිතියම අභියස නව විධායක ජනපතිඳුන්ගේ අභියෝගය හෙවත් මහජන සංදේශය" පසුගිය 17 වනදා අපි ජනාධිපති තුමාට භාර දුන්න. ඒ වගේම පසුගිය 19 වෙනිදා කොළඹ ජානකී හෝටලයේ පැවැති හිමාලය ප්‍රකාශකයන්ගේ වැඩමුළුවට එරෙහිවත් විවිධ ජාතික සංවිධාන විරෝධය පල කළා. එම පිරිස් ඊයේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිටදීත් විරෝධය දක්වා තිබුනා. මෙයින් පෙනෙනවා සමාජය බෙදුම්වාදීන්ට දොල පිදේනි දීමට එකඟ නැති බව.නැවත වතාවක් ජනාධිපති තුමා හිමාලයා ප්‍රකාශකයන්ගේ උත්සවයට නොපැමිනීම හොඳ දෙයක් බව අවධාරණය කරනවා. අපි එතුමාගේ ක්‍රියාව අගය කරනවා."
ආශ්‍රිත පුවත්..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
දරුවන් බිල්ලට දෙන්න සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කරන්න නීති සංශෝධන ගෙන ඒමට බලකරන ඩොලර් කාක්කන්ගේ නම් එළියට..
ශ්රී ලංකාවේ මෙතම්ෆෙටමින් නම් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට : විදේශයන්හි නිපදවන බොහෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය, අරාබි මුහුද හරහා ශ්‍රී ලංකාවට !
ජවිපෙ පක්ෂ අරමුදල් බදු දැලට හසුවන්නේ නැද්ද? - ජවිපෙ බදු දැලෙන් රිංගා ගහන ගේම දිලිත් හෙළිකරයි (වීඩියෝ)
