මැදපෙරදිගට අත නොතබනු! පෙරටුගාමින් ඇමරිකානු තානාපති කාර්යාලයට (වීඩියෝ)
ඇමෙරිකානු එක්සත් ජනපදය විසින් තම හෙන්චයියා
වෙච්ච ඉශ්‍රාලය යොදා ගනිමින් මැදපෙරදිග රාජ්‍යයන්ට එරෙහිව සිදුකරනු ලබන පහරදීම වහා
නතරකරන ලෙස ඉල්ලමින් පෙරටුගාමී සමාජවාදී
පක්ෂය විසින් අද (20) ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්විය.
එහිදී අදහස් දැක්වූ දුමින්ද නාගමුව මහතා
මෙසේ පැවසීය.
"ලෝකයට ප්‍රජාතන්ත්‍රවාදය උගන්වන
මහා පණ්ඩිතයා විදිහට පෙනී ඉන්න ඇමරිකාව අද ඊශ්‍රායලය පාවිච්චි කරමින් මැද පෙරදිග කලාපය අස්ථාවර කරන්න ක්‍රියාත්මක කරමින්
ඉන්න දේශපාලන කුමන්ත්‍රණයන් වහා නවතා දමන ලෙස අප ඉල්ලා සිටින්න තමයි අද මේ එක්සත් ජනපද
තානාපති කාර්යාලය ඉදිරිපිටට ඇවිල්ලා මේ උද්ඝෝෂණය කරන්නේ. ඔවුන් මැද පෙරදිග කලාපය
අස්ථාවර කරන්න ක්‍රියාත්මක වෙනවා. ඉරානය විනාශ කරමින් ඉන්නවා. සිරියානු බලය බිඳවට්ටවා තියෙනවා. මේ සියල්ල හරහා ක්‍රියාත්මක වන්නේ මැද
පෙරදිග කලාපය විනාශ කිරීමේ වුවමනාව. ඒ හරහා සිදුවන්නේ ඇමරිකානු බලය තහවුරු කර ගැනීමේ
ක්‍රියා මාර්ගයයි බව ඔහු පැවසීය
එහිදී වැඩිදුරටත් අදහස්
දැක්වූ දුමින්ද නාගමුව මහතා මෙසේද පැවසීය.
මේක මැද පෙරදිග විතරක් ප්‍රශ්නයක්
වෙන්නෙ නැහැ අපි කතාකරන්නේ පලස්තීන ප්‍රශ්නය
විතරක් නෙවෙයි ඇමෙරිකානු එක්සත් ජනපදය ලෝකය පුරාම මේ දේ සිදු කරමින් පවතිනවා.
ඔවුන්ගේ නැතිවී යන බලය පවත්වාගෙන යන්න තමයි අද ලෝකය පුරාම ක්‍රියාත්මක වන්නේ. ලෝක ප්‍රමාණයෙන්
සිදුවන බලශක්ති අර්බුදය ඒවගේම ආර්ථික අර්බුදය මේවා සියල්ල සිදු කරන්න ඇමෙරිකානු
එක්සත් ජනපදය. ඒවාගේම දකුණු ආසියානු කලාපය අස්ථාවර කරන්න වගේම දකුණු ආසියානු කලාපය
අස්ථාවර කරන්න මේ ඇමෙරිකානු තානාපති කාර්යාලය විශාල කුමන්ත්‍ර පසුගිය දවස්වල විශාල
ලෙස අපේ රට ඇතුලේ ඉදන් මැදිහත් වුණා.
ඉශ්‍රායල හමුදා මේ වන විට ලංකාවේ විශාල ප්‍රමාණයක් අරුගම්බේ ඉන්නවා. එහෙම ඉන්නේ කොහොමද කියලා අපි ප්‍රශ්න කරනවා. මේකෙන් වෙන්නේ ඊශ්‍රායලවට සහාය පළකරන රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත්වීම. අපි ආණ්ඩුවට කියනවා මේක අනතුරක් මේ අනතුරට වහාම පිළියම් හොයන්න කියලා අපි ආණ්ඩුවෙනුත් ඉල්ලා සිටිනවා" යැයි පැවසීය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්