
මැදපෙරදිගට අත නොතබනු! පෙරටුගාමින් ඇමරිකානු තානාපති කාර්යාලයට (වීඩියෝ)
ඇමෙරිකානු එක්සත් ජනපදය විසින් තම හෙන්චයියා
වෙච්ච ඉශ්‍රාලය යොදා ගනිමින් මැදපෙරදිග රාජ්‍යයන්ට එරෙහිව සිදුකරනු ලබන පහරදීම වහා
නතරකරන ලෙස ඉල්ලමින් පෙරටුගාමී සමාජවාදී
පක්ෂය විසින් අද (20) ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්විය.
එහිදී අදහස් දැක්වූ දුමින්ද නාගමුව මහතා
මෙසේ පැවසීය.
"ලෝකයට ප්‍රජාතන්ත්‍රවාදය උගන්වන
මහා පණ්ඩිතයා විදිහට පෙනී ඉන්න ඇමරිකාව අද ඊශ්‍රායලය පාවිච්චි කරමින් මැද පෙරදිග කලාපය අස්ථාවර කරන්න ක්‍රියාත්මක කරමින්
ඉන්න දේශපාලන කුමන්ත්‍රණයන් වහා නවතා දමන ලෙස අප ඉල්ලා සිටින්න තමයි අද මේ එක්සත් ජනපද
තානාපති කාර්යාලය ඉදිරිපිටට ඇවිල්ලා මේ උද්ඝෝෂණය කරන්නේ. ඔවුන් මැද පෙරදිග කලාපය
අස්ථාවර කරන්න ක්‍රියාත්මක වෙනවා. ඉරානය විනාශ කරමින් ඉන්නවා. සිරියානු බලය බිඳවට්ටවා තියෙනවා. මේ සියල්ල හරහා ක්‍රියාත්මක වන්නේ මැද
පෙරදිග කලාපය විනාශ කිරීමේ වුවමනාව. ඒ හරහා සිදුවන්නේ ඇමරිකානු බලය තහවුරු කර ගැනීමේ
ක්‍රියා මාර්ගයයි බව ඔහු පැවසීය
එහිදී වැඩිදුරටත් අදහස්
දැක්වූ දුමින්ද නාගමුව මහතා මෙසේද පැවසීය.
මේක මැද පෙරදිග විතරක් ප්‍රශ්නයක්
වෙන්නෙ නැහැ අපි කතාකරන්නේ පලස්තීන ප්‍රශ්නය
විතරක් නෙවෙයි ඇමෙරිකානු එක්සත් ජනපදය ලෝකය පුරාම මේ දේ සිදු කරමින් පවතිනවා.
ඔවුන්ගේ නැතිවී යන බලය පවත්වාගෙන යන්න තමයි අද ලෝකය පුරාම ක්‍රියාත්මක වන්නේ. ලෝක ප්‍රමාණයෙන්
සිදුවන බලශක්ති අර්බුදය ඒවගේම ආර්ථික අර්බුදය මේවා සියල්ල සිදු කරන්න ඇමෙරිකානු
එක්සත් ජනපදය. ඒවාගේම දකුණු ආසියානු කලාපය අස්ථාවර කරන්න වගේම දකුණු ආසියානු කලාපය
අස්ථාවර කරන්න මේ ඇමෙරිකානු තානාපති කාර්යාලය විශාල කුමන්ත්‍ර පසුගිය දවස්වල විශාල
ලෙස අපේ රට ඇතුලේ ඉදන් මැදිහත් වුණා.
ඉශ්‍රායල හමුදා මේ වන විට ලංකාවේ විශාල ප්‍රමාණයක් අරුගම්බේ ඉන්නවා. එහෙම ඉන්නේ කොහොමද කියලා අපි ප්‍රශ්න කරනවා. මේකෙන් වෙන්නේ ඊශ්‍රායලවට සහාය පළකරන රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත්වීම. අපි ආණ්ඩුවට කියනවා මේක අනතුරක් මේ අනතුරට වහාම පිළියම් හොයන්න කියලා අපි ආණ්ඩුවෙනුත් ඉල්ලා සිටිනවා" යැයි පැවසීය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
