හිමාලය ප්‍රකාශනය සම්බන්ධව බෞද්ධ භික්ෂූන් වහන්සේලා සංවිධානය කළ වැඩමුළුවට සිංහල සංවිධාන වලින් දැඩි විරෝධය
යුද්ධයෙන් දිනාගත නොහැකි වූ බෙදුම්වාදී සිහිනය සැබෑ කර ගැනීම වෙනුවෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ මැදිහත් වීමෙන් යුතුව සකස් කරන ලද හිමාලය ප්‍රකාශනය සම්බන්ධයෙන් සංවිධානය කෙරුණු වැඩ මුළුවක් කොළඹ 5 ජානකී හෝටලයේදී පැවැත්වීමට අද(19) දින කටයුතු සම්පාදනය කර තිබුණි. එම වැඩමුළුවට විරෝධය පා සිංහල සංවිධාන එකමුතුව මගින් එම හෝටලය අභියස විරෝධතාවයක් පවත්වනු ලැබීය.
හිමාලයා ප්‍රකාශනය ඇතුළුව බෙදුම්වාදීන්ගේ වත්මන් ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීම වෙනුවෙන්,
"බෙදුම්වාදීන්ගේ මාර්ග සිතියම අභියස නව විධායක ජනපතිඳුන්ගේ අභියෝගය හෙවත් මහජන සංදේශය" විවිධ ජාතික සංවිධාන 55කට ආසන්න නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පසුගිය 17 වනදා පැපිලියාන සුනේත්‍රා මහාදේවී පිරිවෙනේදී මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන, මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස ඇතුළු භික්ෂූන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් සාහිත්‍ය සූරී ගුණදාස අමරසේකර, ජේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම, විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර, විශ්‍රාමික ලුතිතන් ජෙනරාල් ජගත් ඩයස් විශ්‍රාමික කර්නල් අනිල් අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩාර යන මහත්ම මහත්මීන්ගේ මූලිකත්වයෙන් අත්සන් කරනු ලැබීය. පසුව එම ලිපිය ජනාධිපතිවරයා වෙත භාර දුන් බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභය තිස්ස හිමියෝ අප සමඟ පැවසූහ. එහිදී උත්සව සභාව අමතමින් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ,"සිවුර පොරවාගත් දේශද්‍රෝහී භික්ෂූන් වහන්සේලා යැයි සලකා ගන්නා පිරිසක් එකතු කරගෙන හිමාලයා ප්‍රකාශනය කියල ප්‍රකාශයක් කළා. උන් වහන්සේලා මේ එළඹෙන 19 හෝ 20 දවස්වල කොළඹ හෝටලයක් වෙන් කරගෙන වැඩමුළුවක් තියන්න සූදානම් කරගෙන යනවා කියල අපට දැනගන්නට ලැබිල තියෙනවා. අපි මේ මහා සංඝරත්නයට කියන්නේ ඒ වගේ දේශද්‍රෝහී වැඩකට ඔබ වහන්සේලා අත ගැහුවොත් ඔබ වහන්සේලාට මේ රටේ උපදින අනාගත පරම්පාරාවල දරුවො ඔබ වහන්සේලාට ශාප කරයි. මොකද මේ දෙමළ ඩයස්පෝරාව එකතු වෙලා මේ හිමාලයා ප්‍රකාශනය සම්බන්ධයෙන් ජනාධිපති තුමා හමුවෙලා කරුණු කියන්නත් 21 වෙනිදා වගේ දිනයක් දා ගෙන තියෙන බව සඳහන් කරල තිබුණා. ඒ අනුව සිවුරුගාව ගත්ත බෙදුම්වාදී ගමනකටත් ඔවුන් සූදානම් වී සිටිනවා. ඒ නිසා එදා සම්බන්ධන් කියූ කතාව එනම් වෙනස් මුහුණුවරවල් වලින් බෙදුම්වාදය ඉදිරියට ගෙනයන්න වැඩපිළිවෙලවල් තෝරනවා." යනුවෙන් පැවසූහ.


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා