
හිමාලය ප්‍රකාශනය සම්බන්ධව බෞද්ධ භික්ෂූන් වහන්සේලා සංවිධානය කළ වැඩමුළුවට සිංහල සංවිධාන වලින් දැඩි විරෝධය
යුද්ධයෙන් දිනාගත නොහැකි වූ බෙදුම්වාදී සිහිනය සැබෑ කර ගැනීම වෙනුවෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ මැදිහත් වීමෙන් යුතුව සකස් කරන ලද හිමාලය ප්‍රකාශනය සම්බන්ධයෙන් සංවිධානය කෙරුණු වැඩ මුළුවක් කොළඹ 5 ජානකී හෝටලයේදී පැවැත්වීමට අද(19) දින කටයුතු සම්පාදනය කර තිබුණි. එම වැඩමුළුවට විරෝධය පා සිංහල සංවිධාන එකමුතුව මගින් එම හෝටලය අභියස විරෝධතාවයක් පවත්වනු ලැබීය.
හිමාලයා ප්‍රකාශනය ඇතුළුව බෙදුම්වාදීන්ගේ වත්මන් ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීම වෙනුවෙන්,
"බෙදුම්වාදීන්ගේ මාර්ග සිතියම අභියස නව විධායක ජනපතිඳුන්ගේ අභියෝගය හෙවත් මහජන සංදේශය" විවිධ ජාතික සංවිධාන 55කට ආසන්න නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පසුගිය 17 වනදා පැපිලියාන සුනේත්‍රා මහාදේවී පිරිවෙනේදී මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන, මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස ඇතුළු භික්ෂූන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් සාහිත්‍ය සූරී ගුණදාස අමරසේකර, ජේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම, විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර, විශ්‍රාමික ලුතිතන් ජෙනරාල් ජගත් ඩයස් විශ්‍රාමික කර්නල් අනිල් අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩාර යන මහත්ම මහත්මීන්ගේ මූලිකත්වයෙන් අත්සන් කරනු ලැබීය. පසුව එම ලිපිය ජනාධිපතිවරයා වෙත භාර දුන් බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභය තිස්ස හිමියෝ අප සමඟ පැවසූහ. එහිදී උත්සව සභාව අමතමින් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ,"සිවුර පොරවාගත් දේශද්‍රෝහී භික්ෂූන් වහන්සේලා යැයි සලකා ගන්නා පිරිසක් එකතු කරගෙන හිමාලයා ප්‍රකාශනය කියල ප්‍රකාශයක් කළා. උන් වහන්සේලා මේ එළඹෙන 19 හෝ 20 දවස්වල කොළඹ හෝටලයක් වෙන් කරගෙන වැඩමුළුවක් තියන්න සූදානම් කරගෙන යනවා කියල අපට දැනගන්නට ලැබිල තියෙනවා. අපි මේ මහා සංඝරත්නයට කියන්නේ ඒ වගේ දේශද්‍රෝහී වැඩකට ඔබ වහන්සේලා අත ගැහුවොත් ඔබ වහන්සේලාට මේ රටේ උපදින අනාගත පරම්පාරාවල දරුවො ඔබ වහන්සේලාට ශාප කරයි. මොකද මේ දෙමළ ඩයස්පෝරාව එකතු වෙලා මේ හිමාලයා ප්‍රකාශනය සම්බන්ධයෙන් ජනාධිපති තුමා හමුවෙලා කරුණු කියන්නත් 21 වෙනිදා වගේ දිනයක් දා ගෙන තියෙන බව සඳහන් කරල තිබුණා. ඒ අනුව සිවුරුගාව ගත්ත බෙදුම්වාදී ගමනකටත් ඔවුන් සූදානම් වී සිටිනවා. ඒ නිසා එදා සම්බන්ධන් කියූ කතාව එනම් වෙනස් මුහුණුවරවල් වලින් බෙදුම්වාදය ඉදිරියට ගෙනයන්න වැඩපිළිවෙලවල් තෝරනවා." යනුවෙන් පැවසූහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට..
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
දරුවන් බිල්ලට දෙන්න සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කරන්න නීති සංශෝධන ගෙන ඒමට බලකරන ඩොලර් කාක්කන්ගේ නම් එළියට..
ශ්රී ලංකාවේ මෙතම්ෆෙටමින් නම් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට : විදේශයන්හි නිපදවන බොහෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය, අරාබි මුහුද හරහා ශ්‍රී ලංකාවට !
