චීන තානාපතිවරයා ඇතුළු නිලධාරීන් පැයක කාලයක් රැඳී සිටිද්දී අගමැතිණිය උත්සවයට ප්‍රමාද විමට හේතු ඉදිරිපත් කිරීමක් නැත!
පසුගිය සතියේ, අගමැති හරිනි අමරසූරිය මහත්මිය මහජන චීන සමූහාණ්ඩු රජයෙන් ප්‍රදානයක් ලෙස ලැබෙන පාසල් නිල ඇඳුම් තොගය භාරගන්නා අවස්ථාවේදි තායිවානය නිල වශයෙන් හඳුන්වනු ලබන ‘චීන ජනරජයට’ චීන තානාපති සහ අනෙකුත් නිලධාරීන් ඉදිරියේ ස්තූතිය පුද කිරීම මගින් ශ්‍රී ලංකා රජය රාජ්‍යතාන්ත්‍රික වරදක් කරනු ලැබීය.
තායිවානය චීනයේ පරම ප්‍රතිවාදියා වන අතර ශ්‍රී ලංකාව රජයද තායිවානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩ නගා ගෙන නොමැති අතර ඇත්ත වශයෙන්ම චීනයෙන් බිඳී ගිය රාජ්‍යය පිළිගන්නේ නැත.
උත්සව අවස්ථාව සාර්ථක කර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය අමරසූරිය මහත්මිය පැයක් ප්‍රමාද වී උත්සවයට පැමිණි අතර තානාපතිවරයා අග්‍රාමාත්‍යවරිය පැමිණෙන තෙක් කොළඹ වරායේ රැඳී සිටියේය.කෙසේ වුවද අවසානයේ තානාපතිවරයා නැවත තානාපති කාර්යාලයට ගොස් අග්‍රාමාත්‍යවරිය උත්සවයට සහභාගී සූදානම් වන අවස්ථාවේදී ආපසු පැමිණියේය.
සති අන්ත සන්ඩේ ටයිම්ස් පුවත්පත මේ කාරණය රටටත හෙළිදරව් කළ අතර ඊට සමාන්තරව අනෙකුත් මාධ්‍ය ආයතන මෙම සිද්ධිය වාර්තා ඛර තිබුණි.
කෙසේ වුවද ඕනෑම පුද්ගලයෙකු අදහස් දැක්වීමේදී වචන පැටලිය හැකි වුවද බලාපොරොත්තු නොවන දෙය නම්, අගමැතිනිය තමන් අතින් වූ වැරැද්ද භාර ගන්නවා වෙනුවට, මාධ්‍යයට දොස් පැවරීමට තම පාර්ලිමේන්තු කාලය යොදා ගැනීම සුදුසු බව ඇය තෝරාගෙන තිබුණි.
2025 වසර සඳහා අවශ්‍යවන සම්පූර්ණ පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවය චීන රජයේ අනුග්‍රහය ඇතිව ලබාදීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන ඇති නමුත් අවාසනාවන්ත ලෙස ගැටලු විසඳීමට රජය වෙහෙස නොබලා කටයුතු කරන අතරතුර විවිධ කණ්ඩායම් ඔවුන්ගේ උත්සාහයන් කඩාකප්පල් කිරීමට උත්සාහ කරන බව පසුගිය 17 වනදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය.
"ඇතැම් මාධ්‍ය කණ්ඩායම්" විසින් මෙම අවස්ථාවට ලබාදී ඇති ආවරණය පිළිබඳව වැඩිදුරටත් විවේචනය කළ අග්‍රාමාත්‍යවරිය එය ශ්‍රී ලංකාව සහ චීනය අතර ප්‍රශ්න ඇති කිරීමේ උත්සාහයක් බවට චෝදනා කළේය.
“විපක්‍ෂය සහ ඔවුන් සමඟ පෙළ ගැසී සිටින ඇතැම් මාධ්‍ය ආයතන අපේ රජයේ ජාත්‍යන්තර සබඳතා දුර්වල බවට හැඟීමක් ඇති කිරීමට උත්සාහ කරනවා. කෙසේ වෙතත්, එවැනි සියලු උත්සාහයන් අඛණ්ඩව පරාජයට පත් වී තිබෙනවා.” ඇය පැවසුවාය.
අග්‍රාමාත්‍ය අමරසුරිය තම වරද පිළිගනිමින් පාර්ලිමේන්තුවේ කාලය ප්‍රයෝජනයට ගනු ඇතැයි යමෙකු අපේක්ෂා කළ හැකි නමුත් වචන පැටලීම සම්බන්ධයෙන් විපක්ෂයට සහ මාධ්‍යයට දොස් පවරනු දැකීම වඩාත් අවාසනාවන්ත විය. ඊට අමතරව තානාපතිවරයා ඇතුළු නිලධාරීන් පැයක කාලයක් බලා සිටිමින් තමන් උත්සවයට ප්‍රමාද වූයේ මන්දැයි පැහැදිලි කිරීමට අගමැතිනියගෙන් වචනයක්වත් නිදහස් වී නොතිබුණි.
වැරදි කිරීම මනුෂ්‍ය ගතියක් වන අතර එය පිළිනොගෙන, තමන් අතින් වූ වරදට අන් අයට දොස් පැවරීම සුදුසු නොවේ. අගමැති අමරසූරියට රාජ්‍ය තාන්ත්‍රික වරදක් කිරීමට අදහසක් නොතිබූ බවත්, තමා අතින් සිදුවූ වරද ගැන පසුතැවිලි වී චීන තානාපතිවරයාගෙන් සමාව අයැද සිටි බවත් අප වෙත කරුණු වාර්තා වී තිබේ.
ඒ අනුව ගැටළුව සාමකාමීව එතැනින් අවසන් විය යුතුව තිබුණි. එහෙත් ඒ වෙනුවට සත්‍යය කරුණු වාර්තා කිරීම සම්බන්ධයෙන් මාධ්‍යයට දොස් පැවරීමේ ක්‍රමවේදය අගමැතිණිය තෝරාගෙන තිබුණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා