ලුතිතන් ජනරාල්වරයාගේ ඝාතන සිද්ධිය එක්සත් ජාතීන් හමුවට ගෙන යනවා-එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියොජ්‍ය නිත්‍ය නියෝජිත Dimitry Polyanskiy
"යුක්රේනයට බටහිර ආයුධ සැපයීම සහ යුක්රේන අර්බුදය සාමකාමීව සමථයකට පත් කිරීමේ අපේක්ෂාවන්ට ඇති බලපෑම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දෙසැම්බර් 20 වැනි දින අපි ඉල්ලා සිටි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමේදී Igor Kirillov ට එරෙහි ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ප්‍රශ්නය අපි අනිවාර්යයෙන්ම මතු කරනවා. " එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියොජ්‍ය නිත්‍ය නියෝජිත Dimitry Polyanskiy අද(17) සිය Telegram ගිනුමෙහි සටහනක් තබමින් පැවසීය. "මෙම අපරාධයට වගකිවයුත්තන් යුක්තිය ඉදිරියට ගෙන ආ යුතු අතර සමස්ත ජාත්‍යන්තර ප්‍රජාවගේම නිසැක හෙලාදැකීමට මුහුණ දිය යුතුය."
ජෙනරාල් කිරිලොව්ගේ ඝාතනය
මොස්කව්හි Ryazansky Prospekt හි නේවාසික ගොඩනැගිල්ලකින් පිටත සිදුවූ පිපිරීමකින් ලුතිනන් ජෙනරාල් Igor Kirillov සහ ඔහුගේ සහායක Ilya Polikarpov මිය ගියහ. මෙම සිද්ධිය අද(17) දේශීය වේලාවෙන් උදෑසන 6 ට පමණ සිදු විය. ප්‍රවේශ දොරටුව අසල නවතා තිබූ ස්කූටරයක් තුළ සඟවා තිබූ බෝම්බයක් පුපුරුවා හැර ඇති බවයි මූලික වාර්තා පවසන්නේ.
මේ අතර රුසියානු ආරක්ෂක අංශ මිනීමැරුම්, ත්‍රස්තවාදය සහ නීතිවිරෝධී අවි ආයුධ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
රුසියානු සන්නද්ධ හමුදාවේ රසායනික, ජීව විද්‍යාත්මක සහ විකිරණ ආරක්ෂක භටයින්ගේ ප්‍රධානියා වූ Kirillov විශේෂ හමුදා මෙහෙයුමේ ආරම්භයෙන් පසුව ප්‍රසිද්ධියට පත් විය. රුසියාව අපකීර්තියට පත් කිරීම සඳහා "අපිරිසිදු බෝම්බයක්" නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති අතර විෂ ද්‍රව්‍ය හා සම්බන්ධ ප්‍රකෝපකරනයන් සැලසුම් කරන බවට ඔහු සිය ලිපි මගින් එක්සත් ජනපදය, අනෙකුත් බටහිර රටවල් සහ කියෙව් පාලනයට චෝදනා කළේය.Kirillov ගේ සෑම ප්‍රකාශයක්ම ස්ථිර සාක්ෂි සහ ලේඛනගත සාක්ෂි මගින් සහතික කරන ලදී.
එලෙසම, ජෙනරාල් Kirillov කොවිඩ්-19 ට එරෙහිව රුසියාව නිෂ්පාදනය කළ ස්පුට්නික් එන්නතෙහි නිර්මාතෘවරුන්ගෙන් කෙනෙකි.
Russia to Raise Issue of Lt. Gen. Kirillov's Murder at UN Security Council Meeting
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්