ශ්‍රී ලංකා රජය දෙමළ ජනතාවගේ අභිලාෂ ඉටු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා- මෝඩි ඉන්දීය ශ්‍රී ලංකා ඒකාබද්ධ හමුවේදී කියයි
ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා තෙල් නළයක් ඉදිකිරීමටත් ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව විදුලි සම්ප්‍රේෂණ ජාලයන් මගින් සම්බන්ධ කිරීමටත්, දෙරට අතර වන එක්ටා ගිවිසුම ඉක්මනින් අවසන් කිරීමටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමන්ග සාකච්ඡා කළ බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැවසූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී.
දෙරටේ රාජ්‍ය නායකයින් දෙපළගේ හමුවීමෙන් පසුව නවදිල්ලියේ ‘හයිද්‍රාබාද් හවුස්’හි පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුව අමතමින් ඉන්දීය අගමැතිවරයා මෙසේ පවසා ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.
‘අපිට සතුටුයි ඔබා ජනාධිපති වූ පසුව ඔබගේ පළමු විදේශ සංචාරය සඳහා ඉන්දියාව තෝරා ගැනීම සම්බන්ධයෙන්. ඔබගේ මෙම සංචාරය අපගේ සබඳතාවලට නව ජවයක් ඇති කරනවා. භෞතික ඩිජිටල් සහ බලශක්ති සම්බන්ධතාවය අපගේ හවුල්කාරීත්වයේ වැදගත් කුළුණු වනු ඇති. දෙරට අතර විදුලි බල ජාල සම්බන්ධතාවය සහ බහු නිෂ්පාදන පෙට්‍රෝලියම් නල මාර්ග ස්ථාපනය කිරීමේ කටයුතු ඉදිරියේදී ආරම්භ වේවි. සම්පූර්ණ සූර්ය බල ශක්ති ව්‍යාපෘතියට ජවයක් ලබාදෙනු ඇහ්ටි.ඒ වගේම ලංකාවේ බලාගාර වලට අප එල්.එන්.ජී. සපයනවා.
ද්විපාර්ශවික වෙළඳාම නංවාලීම සඳහා දෙපාර්ශ්වයම ’එක්ටා’ ගිවිසුම ඉක්මනින් අවසන් කිරීමට උත්සාහ කරනවා.අපේ දෙපාර්ශවයේම ආරක්ෂක අවශ්‍යතා එකිනෙකට සම්බන්ධ බවට අපි දෙදෙනාම සම්පූර්ණයෙන්ම එකඟයි.දෙරටේ අරක්ෂික සහයෝගිතා ගිවිසුම කඩනමින් අවසන් කිරීමට අපි තීරණය කර තිබෙන්නේ ඒ නිසයි. ධීවරයන්ගේ ගැටලු ගැනත් අපි සාකච්ඡා කළා. මේ කාරණය සම්බන්ධයෙන් මානුෂ්‍යයේ ප්‍රවේශයකින් ඉදිරියට යයුතු බවට අපි එකඟයි.ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණය සහ සංහිඳියාව සම්බන්ධයෙන් අපි කතා කළා. දිසානායක ජනාධිපතිතුමා එතුමාගේ මතය ඒ සම්බන්ධයෙන් මට පැවසූවා.ශ්‍රී ලංකා රජය දෙමළ ජනතාවගේ අභිලාෂ ඉටු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම සහ පළාත් සභා මැතිවරණ පැවැත්වීම සඳහා වන කැපවීම ඉටු කරනු ඇතැයි අපි විශ්වාස කරනවා.ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා වන ඔහුගේ ප්‍රයත්නයන්හිදී ඉන්දියාව විශ්වාසදායක හවුල්කරුවකු ලෙස පවතින බවට මම සහතික වෙනවා.’ලෙස ඉන්දීය අගමැතිවරයා පැවසූ බව ඉන්දීය මාධ්‍ය පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා