ඉන්දියාවේ සිට නාගපට්ටිනම් කන්කසන්තුරේ බෝට්ටු සේවය ජනවාරි මාසයේ නැවත ආරම්භ වේ
ඉන්දියාවේ නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනයේ කන්කසන්තුරේ (KKS) අතර මගී ප්‍රවාහන යාත්‍රා සේවා ලබන ජනවාරි මාසයේදී නැවත ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ. අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම සේවාව පසුගිය නොවැම්බර් 7 වැනිදා අත්හිටුවන ලදී.‘සුබම්’ බෝට්ටු සේවයේ ආයෝජක පොන්නුසාමි සුන්දර්රාජ් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ මගීන්ට විවිධ පහසුකම් සලසමින් මෙම තොටුපළ සතියේ දින හයක් ක්‍රියාත්මක වන බවයි.
"මෙය නොවැම්බර් 19 වැනි දින නැවත මෙහෙයුම් ආරම්භ කිරීමට මුලින් සැලසුම් කර තිබූ නමුත් නොවැම්බර් 23 වන දින බෙංගාල බොක්කෙහි ඇති වූ පීඩන අවපාතයක් හේතුවෙන් මගී ප්‍රවාහන බෝට්ටු සේවය ආරම්භ කිරීම කල් දමනු ලැබුවා." ඔහු පැවසීය.
එක් පැත්තකට ගාස්තුව ඉන්දියානු රුපියල් 9,700ක් ලෙස සකසා ඇති මෙම බෝට්ටු සේවයේ සංචාර ප්‍රවේශ පත්‍රයක මිල එක් වටයක් සඳහ ඉන්දියානු රුපියල් 8,500කි. මෙම සීමාව ඉක්මවන ගමන් මලු සඳහා අමතර ගාස්තුවක් ගෙවීමට සිදුවන අතර එක් මගියෙකුට උපරිම වශයෙන් කිලෝග්‍රෑම් 10 ක් බරැති ගමන් මලු සඳහා අවසර දෙනු ලැබේ.
සේවාව පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු නිල වෙබ් අඩවියේ අඩංගුව පවතින බව පැවසූ ඔහු ගමන ආරම්භ කිරීමට පෙර ගමන් මලු වෙන් කිරීම තහවුරු කළ යුතු බව සුන්දර්රාජ් අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි