ජාතික ජන බලවේගයට රිංගාගත් ඓතිහාසික ජ.වි.පෙ විරෝධීන් කථානායක එළවන්න මුල් වුණා - දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය
ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රකාශිත අධ්‍යාපන සුදුසුකම් ඔප්පු කරන ලෙස ඉල්ලා බල කිරීම මත රටේ කතානායකවරයාට ඉල්ලා අස්වීමට සිදුවීම පිළිබඳව පළවන විවිධ මතවාද වලට ලංකා ලීඩර් ඉඩ ලබා දී ඇත. මේ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා දැක්වූ අදහස් ඔහුගේ වචනයෙන්
'' මෙතන පැතිකඩ කීපයකින් බැලිය යුතු තත්ත්වයක් තියෙනවා. පළමුවෙන්ම මේ ආණ්ඩුව බලයට ඒමට පෙර පැවති ආණ්ඩු විසින් නිර්මාණය කළ අර්බුද දැන් වර්ධනය වෙමින් පවතින තත්ත්වයක් තුළ විපක්ෂ බලවේග ඊට සාපේක්ෂව ආණ්ඩුවේ විසඳුම් මොනවාද යන සංවාදය ඉහළට ගැනීම වෙනුවට කතානායකවරයාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ප්‍රශ්නය මහා ජාතික ප්‍රශ්නයක් බවට පත් කලා.
ඒ මගින් යම් ප්‍රතිශතයකට ඔවුන් වගකිවයුතු අර්බුද සහ අභියෝග පිළිබඳ සංවාදය යටපත් කිරීමට සහ ඊට ඔවුන් සතුව පිළිතුරු නොමැති බව සැඟවීමට ඔවුන් උත්සාහ කරනවා.
අනෙක් පැත්තෙන් කතානායකතුමාට විරුද්ධව ඊනියා සුදුසුකම් ප්‍රශ්නය පළමුවෙන්ම මතු කරන්නේ සහ සමාජ මාධ්‍ය ජාල වල ප්‍රචාරය කිරීමට මුල් වන්නේ ඓතිහාසිකව ප්‍රබල ජ.වි.පෙ විරෝධීන ලෙස කටයුතු කළ සහ පසුව ජාතික ජනබලවේගයට රිංගා ගත් නිර්මාල් දේව සිරිලා සහ මහින්ද දේශප්‍රිය වැනි අයයි. කථානායක තනතුර ජවිපෙ අතීත උරුමය මත ශක්තිමත්ව දෙපා තබාගෙන සිටින පුද්ගලයෙකු විසින් දැරීම ඔහුන්ගේ අනාගත සැලසුම් වලට අවුලක් ලෙස සැලකීම පුදුමයට කාරණයක් නොවේ.
මම පුද්ගලිකව ඉතා ගරු කරන පුද්ගලයෙකු වන කතානායකවරයා ජවිපෙ දේශපාලනය තුළ අවංකව කැපවීමෙන් යුක්තව තම වගකීම් ඉටුකළ අයකු ලෙස කැපී පෙනෙන පුද්ගලයෙක්. ඒ නිසාම ජාතික ජන බලවේගයේ යම් පිරිස් වලට ඔහු ඉවත් කර ගැනීමේ උවමනාවක් ඇතිවිය හැකියි. කතානායකවරයෙකුට ආචාර්ය උපාධියක් තිබිය යුතු යැයි ලෝකයේ කිසිදු රටක සම්මතයක් හෝ සුදුසුකම් පැනවීමක් සිදු කර නැහැ. එතුමා හොර සහතිකයක් ඉදිරිපත් කර නැහැ. නැති වූ සහතිකය නැවත ලබා ගන්න කාලයක් යනවා නම් එම කාලය ඔහුට ලබා නොදී දිගින් දිගටම බලපෑම් කිරීම දුෂ්ට ක්‍රියාවක් වගේම එතුමාගේ ඉල්ලා අස්වීමත් වැරදි පූර්වාදර්ශයක් බවයි අපගේ කියවා ගැනීම.
අවසාන වශයෙන් ජාතික ජන බලවේගය විසින් දේශපාලන නායකත්වය සඳහා ආචාර්ය උපාධිය හෝ මහාචාර්ය තනතුරු අවශ්‍ය බවට ව්‍යාජ මතයක් ජනගත කළා. ඒ මගින් රට වෙනුවෙන් තම අධ්‍යාපනය (සහතික සඳහා වන අධ්‍යාපනය) කැපකළ එහෙත් දැනුම සහ අත්දැකීම් පවා පුුද්ගලයින්ගේ භූමිකාව අවතක්සේරු කළා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා