බද්ද වැඩි නිසා පාලන මිලට ආනයනික සහල් දෙන්න බෑ.. - ආනයනකරුවෝ දන්වති
සහල් සඳහා පනවා ඇති රුපියල් 65 ක තීරු බද්ද රුපියල් 50 දක්වා අඩු කරන්නේ නම් සහල් කිලෝවක් රුපියල් 220 ක සිල්ලර මිලට අලෙවි කළ හැකි බැව් තමන් ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කළේ යැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා දේශය පුවත්පතට ප්‍රකාශ කර ඇත.
ආනයනකරුවන් ආහාර ද්‍රව්‍ය නිකුත් කරනු ලබන්නේ මහා පරිමාණ තොග වෙළෙඳුන්ට වන අතර ඔවුහු කුඩා පරිමාණ තොග වෙළෙඳුන්ට ද, ඔවුහු සිල්ලර වෙළෙඳුන් වෙත ද බෙදා හරිති. මෙම බෙදාහැරීම් ජාලයේදී ප්‍රවාහන ගාස්තු, පැටවුම් හා බෑම් කුලී වැනි වෙනත් වියදම් සඳහා 8% ත් 10% ත් අතර ප්‍රමාණයක් වැය වන බවද ඔහු සඳහන් කළේය.
පෞද්ගලික අංශයට සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසර ලබා දුන්නද ඒ සඳහා ලබා දී තිබූ කාලය සති දෙකකි. එවැනි කෙටි කාලයක් තුළ සහල් ආනයනය කළ හැක්කේ තමිල්නාඩුවේ දකුණු කෙළවරේ ඇති වරායවලින් පමණි.
සුළු කාලයක් තුළ ආනයනය කිරීමේදී සාමාන්‍ය මිලට වඩා වැඩි මිලක් ගෙවීමට සිදුවන බවද ඉන්දියාවේ උතුරු ප්‍රදේශයෙන් ආනයනය කිරීමේදී අඩු මිලකට ආනයනය කළ හැකි බවද ඔහු සඳහන් කළේය.
දැනට ඇණවුම් කර ඇති සහල් සඳහා වැඩි මිලක් ගෙවීමට සිදුව ඇතැයි ද දෙසැම්බර් 20 වැනිදා වන විට සහල් මෙට්‍රික් ටොන් 40,000 ක් පමණ මෙරටට ළඟාවනු ඇතැයි ද සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
12 වැනි බ්‍රහස්පතින්දා වන විට නාඩු සහල් මෙට්‍රික් ටොන් 440 ක් පමණ කොළඹ වරායෙන් ගොඩබා ඇතැයි වරාය මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කළේය.
– Deshaya
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි