
බද්ද වැඩි නිසා පාලන මිලට ආනයනික සහල් දෙන්න බෑ.. - ආනයනකරුවෝ දන්වති
සහල් සඳහා පනවා ඇති රුපියල් 65 ක තීරු බද්ද රුපියල් 50 දක්වා අඩු කරන්නේ නම් සහල් කිලෝවක් රුපියල් 220 ක සිල්ලර මිලට අලෙවි කළ හැකි බැව් තමන් ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කළේ යැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා දේශය පුවත්පතට ප්‍රකාශ කර ඇත.
ආනයනකරුවන් ආහාර ද්‍රව්‍ය නිකුත් කරනු ලබන්නේ මහා පරිමාණ තොග වෙළෙඳුන්ට වන අතර ඔවුහු කුඩා පරිමාණ තොග වෙළෙඳුන්ට ද, ඔවුහු සිල්ලර වෙළෙඳුන් වෙත ද බෙදා හරිති. මෙම බෙදාහැරීම් ජාලයේදී ප්‍රවාහන ගාස්තු, පැටවුම් හා බෑම් කුලී වැනි වෙනත් වියදම් සඳහා 8% ත් 10% ත් අතර ප්‍රමාණයක් වැය වන බවද ඔහු සඳහන් කළේය.
පෞද්ගලික අංශයට සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසර ලබා දුන්නද ඒ සඳහා ලබා දී තිබූ කාලය සති දෙකකි. එවැනි කෙටි කාලයක් තුළ සහල් ආනයනය කළ හැක්කේ තමිල්නාඩුවේ දකුණු කෙළවරේ ඇති වරායවලින් පමණි.
සුළු කාලයක් තුළ ආනයනය කිරීමේදී සාමාන්‍ය මිලට වඩා වැඩි මිලක් ගෙවීමට සිදුවන බවද ඉන්දියාවේ උතුරු ප්‍රදේශයෙන් ආනයනය කිරීමේදී අඩු මිලකට ආනයනය කළ හැකි බවද ඔහු සඳහන් කළේය.
දැනට ඇණවුම් කර ඇති සහල් සඳහා වැඩි මිලක් ගෙවීමට සිදුව ඇතැයි ද දෙසැම්බර් 20 වැනිදා වන විට සහල් මෙට්‍රික් ටොන් 40,000 ක් පමණ මෙරටට ළඟාවනු ඇතැයි ද සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
12 වැනි බ්‍රහස්පතින්දා වන විට නාඩු සහල් මෙට්‍රික් ටොන් 440 ක් පමණ කොළඹ වරායෙන් ගොඩබා ඇතැයි වරාය මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කළේය.
– Deshaya
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
