News Category
From Date
To Date
Maximum Number of Result

රුසියාවෙන් ශ්‍රී ලංකාවට පොටෑසියම් ක්ලෝරයිඩ් පොහොර ටොන් 55,000 ක ප්‍රදානයක්

Dec 14, 2024 at 09:05 AM
|

පසුගිය 12 වනදා රුසියානු රජයේ ප්‍රදානයක් ලෙස ලැබෙන පොටෑසියම් ක්ලෝරයිඩ් මෙට්‍රික් ටොන් 55,000 ක් භාරදීමේ උත්සවය කොළඹ වරාය භූමියේදී පැවැත්විණි. මෙම පොහොර තොගය 2022 වසරේ මුල් භාගයේ දි ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබුණද බටහිර රටවල් වෙතින් රුසියාවට පැනවූ නීතිවිරෝධී සහ අනවශ්‍ය සම්බාධක හේතුවෙන් ලැට්වියාවේ රීගා වරායේ සිරවී තිබුණි. ශ්‍රී ලංකාව්ට ප්‍රදානය කිරීමට නියමිතව තිබූ පොහොර තොගයට අමතරව වෙනත් පොහොර අව්ශ්‍යතාවය තිබෙන දිළිඳු රටවලට යැවීමට තිබූ පොහොර මෙට්‍රික් ටොන් 260,000කට අධික ප්‍රමාණයක් ද ලැටිවියාවේ රිගා වරායේ සිරවී තිබුණි.

පොහොර තොගය භාර ගැනීමට පැවැති උත්සවයේදී අදහස් දැක්වූ  කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත, තීරණාත්මක අවස්ථාවක රටේ ගොවීන්ට ආධාර කිරීම සඳහා රුසියාව පොහොර තොගයක් පරිත්‍යාග කිරීමේ වැදගත්කම සඳහන් කළේය. වී ගොවීන් සඳහා මෙට්‍රික් ටොන් 30,000 කට වැඩි ප්‍රමාණයක් වෙන් කරන අතර ඉතිරිය පොල් වගාකරුවන් අතර බෙදා දීමට නියමිත බවද ඔහු ප්‍රකාශ කළේය. 

මෙම රුසියානු ප්‍රදානය රුසියාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා සහ තීරණාත්මක කාලවලදී තම මිතුරන්ට මානුෂීය ආධාර සැපයීමට මොස්කව් පරිපාලනයේ තිබෙන කැපවීම ඉස්මතු කරනු ලබන බව විදෙස් විත්ති විචාරකයෝ පවසති. රුසියානු ආණ්ඩුව දැනටමත් ආහාර හිඟයේ අවදානමට මුහුණ දෙන රටවලට මානුෂීය පොහොර බෙදා හැරීම් මාලාව තුළ වන Uralchem ​​සමූහයේ 6 වන  පරිත්‍යාගය වන අතර මින් පෙර නොවූ විරූ ගෝලීය ආහාර අර්බුදයක බලපෑම් සමනය කිරීම අරමුණු කර ගනිමින් මෙම පොහොර තොගය බෙදා හරිනු ලබන බවද පැවසේ.

Uralchem ​​සමූහයේ අදහසට අනුව, මෙම පරිත්‍යාගය දුප්පත් ජාතීන්ට වඩාත්ම බලපාන ආහාර හිඟය සහ ගෝලීය සැපයුම් දාම කඩාකප්පල් කිරීම් මධ්‍යයේ, ප්‍රධාන වශයෙන් ගෝලීය දකුණේ සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට සහාය වීම සඳහා රුසියානු දායකත්වයේ එක් කොටසකි. මොස්කව් පරිපාලනයට එරෙහිව පනවා ඇති බටහිර සම්බාධක හේතුවෙන් ලැට්වියාව, එස්තෝනියාව, බෙල්ජියම සහ නෙදර්ලන්තය යන වරායන්හි 2022 සිට රුසියානු පොහොර මෙට්‍රික් ටොන් 262,000 ක් අවහිර වී තිබුණි. කෙසේ වුවද රුසියාව අවශ්‍යතා ඇති ජාතීන්ට, විශේෂයෙන් අප්‍රිකාවේ සහ දකුණු ආසියාවේ රටවලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නොමිලේ ලබා දීමට කටයුතු කරන බව විදෙස් විත්ති විචාරකයෝ පවසති.

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනට (WFP) සමගාමීව, යුරෝපීය වරායවලින් මලාවි, කෙන්යාව, නයිජීරියාව, සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව යන රටවලට අත්‍යවශ්‍ය පොහොර ටොන් 166,000කට වැඩි ප්‍රමාණයක් නැව්ගත කර ඇත.

Uralchem සමූහයේ ​​ප්‍රකාශයකට අනුව, නැව්වල දීර්ඝ කාලයක් ගබඩා කර තිබියදීත් පොහොර හොඳ තත්ත්වයේ පවතින බව පරීක්‍ෂණවලින් තහවුරු වූ අතර එමඟින් ශ්‍රී ලංකාවේ බෝග වගාව වැඩිදියුණු කිරීම සඳහා සුදුසු වන බව අවධාරණය කරයි.

"ඛනිජ ලවන අඩංගු පොහොර සෞඛ්‍ය සම්පන්න ශාක වර්ධනයක් සහතික කිරීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. වගාවන්හි ඉහළ අස්වැන්නක් තහවුරු කිරීම සඳහා ඛනිජ ලවන අඩංගු පොහොර සහය වන අතර එමගින් ස්ථාවර ආහාර සැපයුම ආරක්ෂා කරනු කරනවා." යනුවෙන් Uralchem ​​සමුහයේ ප්‍රධාන විධායක නිලධාරී Dmitry Konyaev පැවසීය. මීට පෙර කළ ප්‍රකාශයක දී, Dmitry Konyaev අවධාරණය කළේ, ශ්‍රී ලංකාව දශක කිහිපයකින් දරුණුතම ආර්ථික අර්බුදයකට ලක්ව ඇති බවත්, එය ශ්‍රී ලාංකේය ජාතියේ කෘෂිකාර්මික නිෂ්පාදනයට බලපෑ බවත්, “ජනගහනයෙන් විශාල ප්‍රමාණයක් ආහාර අනාරක්ෂිතභාවයේ අවදානමට” ලක් කළ බවත්ය.


සම්බන්ධිත පුවත් | Related News

සේවක අර්ථ සාධක අරමුදල (EPF) සහ සේවක භාරකාර අරමුදල (ETF) ඒකාබද්ධ කර ත්‍රෛපාර්ශ්වික පාලන ව්‍යුහයක් යටතට ගෙන ඒමේ ප්‍රායෝගික ශක්‍යතාව අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයත් සමඟ පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන් අතර සංවාදයක් මතු වී තිබේ.
දක්ෂිණාංශික නීතිඥවරයෙකු වන අබෙලාර්ඩෝ ඩි ලා එස්ප්‍රියෙල්ලා කොලොම්බියාවේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී තිබේ.
සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.
ගුරුවරුන්ගේ කැපවීම සහ සහයෝගය මත බලයට පත් වූ වත්මන් ආණ්ඩුව මේ වන විට ගුරු පරපුරට සහ අධ්‍යාපන පද්ධතියට විශාල අසාධාරණයක් සිදු කරමින් සිටින බව ජාතික එකමුතු ගුරු සංගමය චෝදනා කරයි.
ශ්‍රී ලංකාවේ දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සහ ග්‍රාමීය ආර්ථිකය බලගැන්වීමේ අරමුණින්, ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලාංකික කිරි ගොවීන් වෙනුවෙන් විශේෂ ධාරිතා සංවර්ධන පුහුණු වැඩසටහනක් සංවිධානය කර තිබේ.
ඉරානයේ උත්තරීතර නායකයාගේ සෞඛ්‍ය තත්ත්වය දැඩි ලෙස අසාධ්‍ය වී ඇති බවත්, ඔහු ඕනෑම මොහොතක ජීවිතක්ෂයට පත්වීමේ අවදානමක් පවතින බවත් ඉරාන ජනාධිපති මස්ඌද් පෙසෙෂ්කියෑන් (Masoud Pezeshkian) ප්‍රකාශ කර තිබේ.
සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.
මිහිදු හිමියන් ලංකාවට පැමිණීමේ දී තිස්ස රජතුමා දිව්වේ මුවෙකුගේ පසුපසින් බවත්, ඒ හීලෑවට හැදීම සඳහා මුවා රැගෙන යාමට නොවන බවත්, මිහිදු හිමියන් පැමිණ සත්ව ඝාතනය නතර කිරීමට බෞද්ධයන්ට ශික්ෂා පද පැනවූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා පවසයි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දැනට පවතින නිදහස් වෙළෙඳ ගිවිසුම (FTA) වසර 25ක් පැරණි එකක් වන බැවින්, වර්තමාන ගෝලීය ආර්ථික අවශ්‍යතාවලට ගැලපෙන පරිදි එය යාවත්කාලීන විය යුතු බව විදේශ ආයෝජන පිළිබඳ ජනාධිපති විශේෂ නියෝජිත හනීෆ් යූසුෆ් පවසයි.

ප්‍රධාන පුවත්

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් ‍දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.

ජයග්‍රාහී ජාතියක් වීමට නම් මව් භාෂාවට මුල් තැන දිය යුතුයි.. – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග

ඕනෑම රටක් හෝ ජාතියක් ඉදිරියට ගොස් ජයග්‍රාහී ස්ථානයකට පැමිණීමට නම් මව් භාෂාවට ප්‍රමුඛස්ථානය ලබා දීම අනිවාර්ය සාධකයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි.

ශ්‍රීලංකන් ගුවන් සමාගම මුල්කරගෙන ඇමති සහ නියෝජ්‍ය ඇමති අතර ගැටුම උපරිමයට පැමිණෙයි..

පාඩුවලට මුහුණ දී සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරියෙකු (CEO) පත්කිරීමේ මතභේදාත්මක තීරණයත් සමඟ, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක සහ නියෝජ්‍ය අමාත්‍ය ජනිත කොඩිතුවක්කු අතර පවතින ගැටුම උපරිම මට්ටමකට පැමිණ ඇති බව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග කිහිපයකින් වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.