
රුසියාවෙන් ශ්‍රී ලංකාවට පොටෑසියම් ක්ලෝරයිඩ් පොහොර ටොන් 55,000 ක ප්‍රදානයක්
පසුගිය 12 වනදා රුසියානු රජයේ ප්‍රදානයක් ලෙස ලැබෙන පොටෑසියම් ක්ලෝරයිඩ් මෙට්‍රික් ටොන් 55,000 ක් භාරදීමේ උත්සවය කොළඹ වරාය භූමියේදී පැවැත්විණි. මෙම පොහොර තොගය 2022 වසරේ මුල් භාගයේ දි ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබුණද බටහිර රටවල් වෙතින් රුසියාවට පැනවූ නීතිවිරෝධී සහ අනවශ්‍ය සම්බාධක හේතුවෙන් ලැට්වියාවේ රීගා වරායේ සිරවී තිබුණි. ශ්‍රී ලංකාව්ට ප්‍රදානය කිරීමට නියමිතව තිබූ පොහොර තොගයට අමතරව වෙනත් පොහොර අව්ශ්‍යතාවය තිබෙන දිළිඳු රටවලට යැවීමට තිබූ පොහොර මෙට්‍රික් ටොන් 260,000කට අධික ප්‍රමාණයක් ද ලැටිවියාවේ රිගා වරායේ සිරවී තිබුණි.
පොහොර තොගය භාර ගැනීමට පැවැති උත්සවයේදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත, තීරණාත්මක අවස්ථාවක රටේ ගොවීන්ට ආධාර කිරීම සඳහා රුසියාව පොහොර තොගයක් පරිත්‍යාග කිරීමේ වැදගත්කම සඳහන් කළේය. වී ගොවීන් සඳහා මෙට්‍රික් ටොන් 30,000 කට වැඩි ප්‍රමාණයක් වෙන් කරන අතර ඉතිරිය පොල් වගාකරුවන් අතර බෙදා දීමට නියමිත බවද ඔහු ප්‍රකාශ කළේය.
මෙම රුසියානු ප්‍රදානය රුසියාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා සහ තීරණාත්මක කාලවලදී තම මිතුරන්ට මානුෂීය ආධාර සැපයීමට මොස්කව් පරිපාලනයේ තිබෙන කැපවීම ඉස්මතු කරනු ලබන බව විදෙස් විත්ති විචාරකයෝ පවසති. රුසියානු ආණ්ඩුව දැනටමත් ආහාර හිඟයේ අවදානමට මුහුණ දෙන රටවලට මානුෂීය පොහොර බෙදා හැරීම් මාලාව තුළ වන Uralchem සමූහයේ 6 වන පරිත්‍යාගය වන අතර මින් පෙර නොවූ විරූ ගෝලීය ආහාර අර්බුදයක බලපෑම් සමනය කිරීම අරමුණු කර ගනිමින් මෙම පොහොර තොගය බෙදා හරිනු ලබන බවද පැවසේ.
Uralchem සමූහයේ අදහසට අනුව, මෙම පරිත්‍යාගය දුප්පත් ජාතීන්ට වඩාත්ම බලපාන ආහාර හිඟය සහ ගෝලීය සැපයුම් දාම කඩාකප්පල් කිරීම් මධ්‍යයේ, ප්‍රධාන වශයෙන් ගෝලීය දකුණේ සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට සහාය වීම සඳහා රුසියානු දායකත්වයේ එක් කොටසකි. මොස්කව් පරිපාලනයට එරෙහිව පනවා ඇති බටහිර සම්බාධක හේතුවෙන් ලැට්වියාව, එස්තෝනියාව, බෙල්ජියම සහ නෙදර්ලන්තය යන වරායන්හි 2022 සිට රුසියානු පොහොර මෙට්‍රික් ටොන් 262,000 ක් අවහිර වී තිබුණි. කෙසේ වුවද රුසියාව අවශ්‍යතා ඇති ජාතීන්ට, විශේෂයෙන් අප්‍රිකාවේ සහ දකුණු ආසියාවේ රටවලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නොමිලේ ලබා දීමට කටයුතු කරන බව විදෙස් විත්ති විචාරකයෝ පවසති.
එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනට (WFP) සමගාමීව, යුරෝපීය වරායවලින් මලාවි, කෙන්යාව, නයිජීරියාව, සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව යන රටවලට අත්‍යවශ්‍ය පොහොර ටොන් 166,000කට වැඩි ප්‍රමාණයක් නැව්ගත කර ඇත.
Uralchem සමූහයේ ප්‍රකාශයකට අනුව, නැව්වල දීර්ඝ කාලයක් ගබඩා කර තිබියදීත් පොහොර හොඳ තත්ත්වයේ පවතින බව පරීක්‍ෂණවලින් තහවුරු වූ අතර එමඟින් ශ්‍රී ලංකාවේ බෝග වගාව වැඩිදියුණු කිරීම සඳහා සුදුසු වන බව අවධාරණය කරයි.
"ඛනිජ ලවන අඩංගු පොහොර සෞඛ්‍ය සම්පන්න ශාක වර්ධනයක් සහතික කිරීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. වගාවන්හි ඉහළ අස්වැන්නක් තහවුරු කිරීම සඳහා ඛනිජ ලවන අඩංගු පොහොර සහය වන අතර එමගින් ස්ථාවර ආහාර සැපයුම ආරක්ෂා කරනු කරනවා." යනුවෙන් Uralchem සමුහයේ ප්‍රධාන විධායක නිලධාරී Dmitry Konyaev පැවසීය. මීට පෙර කළ ප්‍රකාශයක දී, Dmitry Konyaev අවධාරණය කළේ, ශ්‍රී ලංකාව දශක කිහිපයකින් දරුණුතම ආර්ථික අර්බුදයකට ලක්ව ඇති බවත්, එය ශ්‍රී ලාංකේය ජාතියේ කෘෂිකාර්මික නිෂ්පාදනයට බලපෑ බවත්, “ජනගහනයෙන් විශාල ප්‍රමාණයක් ආහාර අනාරක්ෂිතභාවයේ අවදානමට” ලක් කළ බවත්ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..
රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට..
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
