
දෙමළ ඩයස්පෝරාව, භික්ෂුන් හත් නමක් යොදාගෙන සිදුකිරීමට නියමිත බෙදුම්වාදී උගුලට හසුවන්න එපා - ජාතික සංවිධාන ජනපති අනුරට අනතුරු අඟවයි (වීඩියෝ)
දෙසැම්බර් මාසයේ 19 සහ 20 වැනිදා පැවැත්වෙන වැඩමුළුවක් මගින් දෙමළ ඩයස්පොරාව විසින් සකස්කළ හිමාලයා ප්‍රකාශනය නැතහොත් බෙදුම්වාදීන්ගේ ඉල්ලීම් ප්‍රමාණයක් රැගත් ලියැවිල්ල භික්ෂූන් වහන්සේලා හත් නමක් යොදා ගනිමින් ජනාධිපතිවරයාට භාරදීමේ සූදානමක් ඇති බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ජාතික සංවිධාන එකමුතුව මගින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ මහතා පවසන්නේ මෙවර ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේ දී මෙන්ම ඊට පෙර පැවති මැතිවරණ වලදී උතුරේ දිස්ත්‍රික්ක 5ක සහ නුවරඑළිය, බදුල්ල යන දිස්ත්‍රික්කවල ඡන්ද බෙදී යාම පිළිබඳව සැලකීමේ දී පරස්පර විරෝධී තත්වයක් පවතින බව ය.
ජනාධිපතිවරණයේ දී ඩයස්පෝරාවේත්, ඉන්දියාවේත් තේරීම වූයේ සජිත් ප්‍රේමදාස බවත්, එහෙත් මෙරට බහුතර ජනතාව තෝරාගනු ලැබුවේ අනුර දිසානායක මහතා බලයට ගෙන ඒම බවත් වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පැවසීය.
සජිත් ප්‍රේමදාස ඔවුන් බලයට ගෙන ඒමට තීන්දු කරන්නේ ඔහු ලවා බන්දේසියක තබා මෙම බෙදුම්වාදී ඉල්ලීම් ප්‍රමාණය ඉටුකර ගැනීමට බවද ඒ මහතා සදහන් කරයි.
එහෙත් මේ රටේ ඒකීය භාවය, භෞමික අඛණ්ඩතාව සහ මෙරට සභ්‍යත්ව උරුමය වෙනුවෙන් පෙනී සිටි ජනතාව තෝරාගනු ලැබුවේ අනුර දිසානායක මහතා බවත් වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙයි.
එහෙත් ජනාධිපති ධුරයට පත්වූ අනුර දිසානායක මහතා ලවා දෙමළ ඩයස්පෝරාවේ අරමුණ වන බෙදුම්වාදී මාර්ග සිතියමේ අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමට ඔවුන් අද උත්සාහයක නිරත වන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
මේ පිළිබඳව තොරතුරු ඇතුළත් සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...
ආණ්ඩුව කළ නොහොබිනාම දේ තමයි තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ සභාපති කිරීම - සංඛ චන්දිම අභයවර්ධන (වීඩියෝ)
හිසතෙල් ගෑමේ නැකැත අද
ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා
