
ඉන්දියාවෙන් සහල් ගෙන්වන ආනයනකරුවන් අධික ලාභයක් ලබනවා - ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන්
ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන නාඩු සහල් කිලෝවක් රුපියල් 150ක් වැනි මිලකට අලෙවි කිරීමේ හැකියාව තිබියදී එම කිලෝවක් රුපියල් 220ට අලෙවි කිරීමට දීමෙන් ආනයනකරුවන් අධික ලාභයක් ලබනවා යැයි ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පැවසීය.
මෙරට ගොවියා ආරක්ෂා කර ගැනීම සඳහා ආනයනික නාඩු සහල් කිලෝවක් රුපියල් 220 ට අලෙවි කරනවා නම් ගෙන්වීමේ දී ආනයනකරු ලබන අධික ලාභය රජය මගින් අයකර ගත යුතු බවද ඔහු කීය.
ඉන්දියාවේදී සහල් කිලෝවක් මෙරට මුදලින් රුපියල් 85ක් 90ක් වැනි මිලකට ලබාගත හැකි බවත් එම සහල් මෙරටට ගෙන්වා සියලු වියදම් සමග රුපියල් 150 වැනි මිලකට කිලෝවක් ලබාදිය හැකි බවත් ඔහු කීය.
ආණ්ඩුව සහල් ආනයනය කළත් තවමත් මහ මෝල් හිමියන් විසින් ගොවීන්ගෙන් රුපියල් 100ට පමණ මිලදී ගත් වී තොග පවතින බවත් ඒවා මිලදී ගත්තේ ගොවීන්ගෙන් රුපියල් 130ක් යැයි කීම තමා විශ්වාස නොකරන බවත් ඔහු කීය.
පසුගිය කන්නයේදී රටේ වී තොග සහ සහල් තොග සම්බන්ධයෙන් වාර්තා තබා ගැනීමත් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් තබාගෙන නොමැති බවත්, වත්මන් රජය හෝ ඒ ආකාරයෙන් කටයුතු නොකර නිවරදි ආකාරයට තොරතුරු තබා ගන්නවා නම් සහල් හිඟයක් මවා පෑමට මහ මෝල් හිමියන්ට නොහැකිවනු ඇති බවද තෙන්නකෝන් මහතා කීය.
- චමින්ද සිල්වා
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...
ආණ්ඩුව කළ නොහොබිනාම දේ තමයි තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ සභාපති කිරීම - සංඛ චන්දිම අභයවර්ධන (වීඩියෝ)
හිසතෙල් ගෑමේ නැකැත අද
ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා
