නොවැම්බර් මාසයේදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ ඩොලර් මිලියන 530.1ක් රටට එවලා සමස්තය ඩොලර් බිලියන 6.ට ළඟා වෙයි!
විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයින් නොවැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 530.1ක් රටට එවා ඇතැයි වාර්තා වේ. ඒ අනුව 2024 වසරේ මේ දක්වා රටට එවා ඇති විදෙස් මුදල් ප්‍රමානය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.0 ක් වැනි පහළ අගයක් බව විද්වත්හු පවසති. කෙසේ වුවද මෙම අගය 2020 වසරේ දී ශ්‍රී ලාංකිකයන් එක් මසකදී රට එවූ ඉහළම විදෙස් මුදල් ප්‍රමානය සැලකිය යුතු මට්ටමකින් පසු කර ඇතැයි විශ්ලේශකයෝ පවසති.
2024 වසරේ නොවැම්බර් විදෙස්ගත ලාංකිකයන් රට එවු මුදල් ප්‍රමානය 2023 වසරේ නොවැම්බර් මාසයේ ලැබුණු ඇමරිකානු ඩොලර් මිලියන 537.3 ට වඩා සුළු අඩුවීමක් පෙන්නුම් කරයි. එලෙසම එම අගය මේ වසරේ ඔක්තෝම්බර් මාසයේදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් රටට එවූ ඩොලර් මිලියන 587.7 ට වඩා ඩොලර් මිලියන 50.6 ක අඩුවීමක් සනිටුහන් කරයි.ආර්ථික විද්‍යාඥයන්ට අනුව තිරසාර මන්දගාමිත්වයක් ඇති නොවේ නම්, මෙම අනුපාතවල සිදුව ඇති මාසික වෙනස්කම් එතරම් සැලකිල්ලට ගත යුතු නැති අතර විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විදේශ විනිමය රටට එවීමේ ධනාත්මක දිශානතියට හානියක් නොවනු ඇත.
සංචාරක සහ අපනයන වලින් ලැබෙන ඩොලර් වල ප්‍රබල ගලා ඒම, නොවැම්බර් මාසයේදී දේශීය බැංකුවලින් ඇමරිකානු ඩොලර් මිලියන 327.0ක් මිලදී ගැනීමට මහ බැංකුවට උපකාර වී ඇති අතර එය ඔක්තෝම්බර් මාසයේදී මහ බැංකුව දේශීය බැංකු වලින් ලබාගත් ඇමරිකානු ඩොලර් මිලියන 189.5 සිට සාපේක්ෂව තියුනු ලෙස ඉහළයාමකි. එමගින් මහ බැංකුවට ඩොලර් මිලියන 6,462.0 ක් වූ සංචිත නැවත ගොඩනඟා ගැනීමට උපකාරී විය. කෙසේ වුවද ඔක්තෝබර් මාසයේදී මහ බැංකුව සතුව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 6,472.0 හා සසඳන විට සුළු අඩුවීමක් දක්වන බව විද්වතුන් පෙන්වා දෙති.
සාමාන්‍යයෙන්, ශ්‍රී ලංකාවට සම්ප්‍රදායික අලුත් අවුරුද්ද හෙවත් අප්‍රේල් මාසයට පෙර මාර්තු මාසයේ ප්‍රේෂණ වලින් වැඩිම මුදලක් ලැබෙන අතර දෙසැම්බර් මාසයේදී විදේශයන්හි සේවය කරන පුරවැසියන් උපයන මුදලින් වැඩි ප්‍රමාණයක් නිවාඩු කාලය සඳහා තම මිතුරන් සහ පවුලේ අය වෙනුවෙන් එවනු ලබන බවද විද්වත්හු පවසති.
ඒ අනුව විද්වතුන්ට අනුව, නොවැම්බර් මාසයේ දක්නට ලැබුණු විදෙස් මුදල් රටට ගලා ඒවමට වඩා දෙසැම්බර් මාසයේදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් තරමක් ඉහළ විදෙස් මුදල් ප්‍රමාණයක් රට එවීම අපේක්ෂා කෙරේ.
නොවැම්බරය දක්වා මාස එකොළහක් සඳහා විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ ඇ.ඩො. මිලියන 5,961.6ක් රටට එවා ඇති අතර එය 2023 එම කාල සීමාවට වඩා සියයට 10.4ක වර්ධනයකි.
අවසන් වරට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විදෙස් මුදල් වැඩිම ප්‍රමානයක් ශ්‍රී ලංකාවට එවා ඇත්තේ 2020 දී වන අතර එය ඇමරිකානු ඩොලර් බිලියන 7.1ක් වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..