
මගෙන් ඇහුව නම් බාර් ලයිසන් දුන්න ලිස්ට් එක දෙනවා! තවත් ලයිසන් තුන්සියයක් දෙන්න හිටියේ- රනිල් වික්‍රමසිංහ
පසුගිය රජය විසින් අල්ලස් වශයෙන් මත්පැන් බලපත් නිකුත් කර ඇති බවට පලවන එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිට්පු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ අදාල බලපත් කිසිවක් හොර රහසේ ලබා දුන් ඒවා නොවන බවත් එම ලයිස්තුව තමාට ලබා දීමට හැකියාව තිබූ බවයි.
ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ,මත්පැත් බලපත‍්‍ර කිසිවක් මන්ත්‍රීවරුන්ට හෝ වෙනත් කිසිවෙකුට අල්ලස් ලෙස ලබාදී නොමැති බවත් නිත්‍යානුකූල ආකාරයෙන් රජයට ආදායමක් ලබා ගැනීම සඳහා ඒවා නිකුත් කර ඇති බවයි.
" ඔය බාර් ලයිසන් මම නිකන් දුන්නේ නෑ. මිලියන 10-15-20 බැගින් මුදල් වලට විකිණුවා. එයින් රාජ්‍ය ආදායමට හොඳ ගාණක් එකතු කරගත්තා. මේවා සෘජු බදු නැතිව ආදායම් එකතු කරන මාර්ග. මේ බාර් ලයිසන් ටිකෙන් බිලියන හතරක් පහක් රාජ්‍ය ආදායමට එකතු වෙන්න ඇති.
මං මොකටද කාටවත් අල්ලස් දෙන්නේ? මේ එකක්වත් නොමිලේ දුන්නේ නෑ. ඕනැ කෙනෙක් සල්ලි දුන්න නම් ලයිසන් එක දුන්නා. සමහර මන්ත්‍රීවරුනුත් බාර් ලයිසන් ගන්න සමහර අය එව්වා. ඒත් මම එක්කෙනෙක්ටවත් නිකං දුන්නේ නෑ. ඒ නිසා කාටවත් පෞද්ගලිකව මුදල් උපයා ගන්න ලැබුනේ නෑ.රටේ බාර් එක්දහස් ගාණක් තියෙනවා.
අපි තවත් තුන්සිය ගාණකට ලයිසන් දුන්නා. ලබන වසරේ තව තුන්සියකට ලයිසන් දෙන්න හිටියේ. මේවායින් මිලියන 15 බැගින් එකතු කළා නම් රාජ්‍ය ආදායමට කොච්චර මුදලක්ද?
මේ බාර් ලයිසන් හොර රහසේ දීපුවා නෙමෙයි. මගෙන් ඉල්ලුවා නම් මම මීටත් කලින් මේ ලැයිස්තු දෙනවනේ. අනෙක, ඔය බාර් ලයිසන් තුන්සිය ගණනට සංචාරක හෝටලත් අයිතියි.
සුරා බදු ආදායම් කියන්නේ රටේ ප්‍රධාන ආදායම් මාර්ග වලින් එකක්. මේවා හංගගෙන බොරු සුචරිතවාද පෙන්නගෙන ඉන්න අවශ්‍ය නෑ”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..
රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට..
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
