
වසන්තගේ පාර්ලිමේන්තුවේ කතාවට රත්න සහල් අධිපතිගෙන් ප්‍රභල පිළිතුරක්
පසුගියදා පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා රත්න සහල් අධිපති ලංකේෂ්වරගේ මිත්‍රපාල සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට ප‍්‍රතිචාර දක්වමින් තමන් සහල් සඟවා ගෙන ඇති බවට එල්ල කරන චෝදනා අසත්‍ය බව රත්න සහල් අධිපති ලංකේෂ්වරගේ මිත්‍රපාල මහතා පවසයි.
පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට මුවා වී ප්‍රකාශ නිකුත් කරනවාට වඩා වසන්ත සමරසිංහ මහතාට මගේ හාල් මෝල් වලට පැමිණ අප හාල් වෙළෙඳ පොලට යවනවාද නැද්ද කියා තහවුරු කරගත හැකි බවත් එතුමාට පැමිණීමට නොහැකි නම් දිසාපති තුමාට හෝ පැමිණ එය තහවුරු කරගත හැකි බවද රත්න සහල් අධිපති අධිපති ලංකේෂ්වරගේ මිත්‍රපාල මහතා පවසයි. අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා රත්න සහල් සමූහ ව්‍යාපාරය සහල් තොග සඟවා සිටින බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව පැවසුවේය.
එලෙසම තමන් කිසිම බැංකුවකින් පොලී නොමැතිව ණය මුදල් ලබා ගෙන නැති බවත් පොලී රහිතව ණය දෙන බැංකුද නැති බවත් ඔහු අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්,“මම කියනවා වෙළඳ ඇමතිතුමාට මගේ ආයතනයට ඇවිල්ලා පරික්ෂා කරන්න. ඔබතුමාගේ නියෝජිතයෙක් එවන්න මම පටවන හාල් ගාන මම නිෂ්පාදනය කරන හාල් ගාන මගේ ළඟ තියෙන වී තොග පිළිබඳව මම ඔප්පු කරලා පෙන්නනවා. එතුමා කියලා තිබුණා මම බැංකුවෙන් සල්ලි ගන්නේ පොලී නැතුව කියලා.
අපි වී අරගන්නවා අපි බැංකුවෙන් සල්ලි අරගන්නව බැංකුවේ සල්ලි ගෙවන්න ඕන ආපහු මොකද වී ස්ටොක් එකක් තියාගෙන බැංකුවේ සල්ලි ගෙවන්න බැහැ. වී ටික අරගෙන සහල් නිෂ්පාදනය කරලා සහල් වෙළඳපලට යවලා ඒ සල්ලි ගෙනල්ලා.අපි බැංකුව නිදහස් කරන්න ඕනේ. නැත්තං සල්ලි වලට පොලිය හැදෙනවා." යනුවෙන් පැවසුවේය.
"මම මේ ප්‍රකාශනය කරේ පාර්ලිමේන්තුව කියන්නේ සියලු දෙනා අවධානය යොමු කරන තැනක් ඉතින් ඒ නිසා ඒක නිවැරදි කරන්න තමයි මේ දේ කළේ. ඕනෑම ආයතනයක සහල් හංගල තියාගැනීමක් නැහැ හංගගෙන තියාගෙන ඉඳලා තේරුමක් නෑ.ගොයම් කැපුනාම අපි වී ටික රැස් කරන්න ඕනෙ අවුරුද්ද පුරාම සහල් දෙන්න. එහෙම වී තිබුණොත් පමණයි සහල් දෙන්න පුළුවන්. මා ළඟත් මාස දෙකකට ඇතිවෙන්න වී තියෙනවා.දවසින් දෙකෙන් වී කොටන්න බෑ. මොකද පෙබරවාරි වෙනකල් මම හාල් රටට යවන්න ඕනේ. එක මාස දෙකෙන් කොටලා මම ඊගාවට මොකද කරන්නේ ?"
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..
රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට..
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
