
රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුවගේ හුලං යවයි.
රටේ දැනට සිටින මිලියන 1.3ක් වූ රාජ්‍ය සේවකයන් 750,000 දක්වා අඩු කිරීමට සිදුවනු ඇති බව කොළඹ පැවති උත්සවයක් අමතමින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව මහතා පසුගියදා පැවසුවේය.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පැවසුවේ රාජ්‍ය සේවයෙන් සේවකයන් ඉවත් කිරීමට රජයට කිසිදු සැලසුමක් නොමැති නමුත් ඵලදායිතාව ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කරන බවයි.
එසේම රජයේ ආදායම් ශක්තිමත් කිරීමට රාජ්‍ය සේවය කප්පාදු කරන ලෙස විවිධ තැන්වලින් කෙරෙන ඉල්ලීම් සම්බන්ධයෙන් ඔහු පැවසුවේ රැකියා කප්පාදු කිරීම තවත් අර්බුදයක් ඇති කිරීමක් වනු ඇති හෙයින් රාජ්‍ය සේවයේ ඵලදායිතාව ඉහළ නැංවීමට රජය පියවර ගන්නා බවත් ඉදිරියේදී බඳවාගැනීම් සිදුකිරීමේදී ඵලදායිතාව පිළිබඳව සොයා බලන බවත් අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත අදහස් දක්වමින් මීට පෙර පැවැති විවිධ රජයන් ඵලදායිතාවය කෙරෙහි අවධානය යොමු නොකර තාවකාලික ක්‍රමවේදයකට උපාධිධාරීන් සංවර්ධන නිලධාරීන් ලෙස බඳවාගෙන ඇති බවත් එය පියවරෙන් පියවර නිවැරදි කරන බවත් අමාත්‍යවරයා පැවසුවේය.
කෙසේ වෙතත් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව මහතා “අපි ඉදිරියට යන විට, භාණ්ඩාගාරයේ තිබෙන අරමුදල් ඉදිරි වසරවලදී ප්‍රමාණවත් නොවන බව මට ඔබට කියන්න පුළුවන්. විශාල රාජ්‍ය අංශයක් ඇතිකර ගැනීමට අපට හැකියාවක් නැහැ. ඒ නිසා අපි රාජ්‍ය සේවාවන් තාර්කික කර, සේවක ප්‍රමානය කප්පාදු කර ඩිජිටල්කරණය කරා ගමන් කළ යුතුයි” යනුවෙන් සිය දේශනයේදී පැවසුවේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
