රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුවගේ හුලං යවයි.
රටේ දැනට සිටින මිලියන 1.3ක් වූ රාජ්‍ය සේවකයන් 750,000 දක්වා අඩු කිරීමට සිදුවනු ඇති බව කොළඹ පැවති උත්සවයක් අමතමින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව මහතා පසුගියදා පැවසුවේය.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පැවසුවේ රාජ්‍ය සේවයෙන් සේවකයන් ඉවත් කිරීමට රජයට කිසිදු සැලසුමක් නොමැති නමුත් ඵලදායිතාව ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කරන බවයි.
එසේම රජයේ ආදායම් ශක්තිමත් කිරීමට රාජ්‍ය සේවය කප්පාදු කරන ලෙස විවිධ තැන්වලින් කෙරෙන ඉල්ලීම් සම්බන්ධයෙන් ඔහු පැවසුවේ රැකියා කප්පාදු කිරීම තවත් අර්බුදයක් ඇති කිරීමක් වනු ඇති හෙයින් රාජ්‍ය සේවයේ ඵලදායිතාව ඉහළ නැංවීමට රජය පියවර ගන්නා බවත් ඉදිරියේදී බඳවාගැනීම් සිදුකිරීමේදී ඵලදායිතාව පිළිබඳව සොයා බලන බවත් අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත අදහස් දක්වමින් මීට පෙර පැවැති විවිධ රජයන් ඵලදායිතාවය කෙරෙහි අවධානය යොමු නොකර තාවකාලික ක්‍රමවේදයකට උපාධිධාරීන් සංවර්ධන නිලධාරීන් ලෙස බඳවාගෙන ඇති බවත් එය පියවරෙන් පියවර නිවැරදි කරන බවත් අමාත්‍යවරයා පැවසුවේය.
කෙසේ වෙතත් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව මහතා “අපි ඉදිරියට යන විට, භාණ්ඩාගාරයේ තිබෙන අරමුදල් ඉදිරි වසරවලදී ප්‍රමාණවත් නොවන බව මට ඔබට කියන්න පුළුවන්. විශාල රාජ්‍ය අංශයක් ඇතිකර ගැනීමට අපට හැකියාවක් නැහැ. ඒ නිසා අපි රාජ්‍ය සේවාවන් තාර්කික කර, සේවක ප්‍රමානය කප්පාදු කර ඩිජිටල්කරණය කරා ගමන් කළ යුතුයි” යනුවෙන් සිය දේශනයේදී පැවසුවේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි