
2025 මුල් මාස හතර සඳහා වන රුපියල් බිලියන 2600 ක අතුරු සම්මත ගිණුම ඡන්ද විමසීමකින් තොරවම සම්මතයි
2025 වසරේ මුල් මාස හතරෙහි වියදම් සඳහා ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම ඊයේ (06) පාර්ලිමේන්තුවේදි ඡන්ද විමසීමකින් තොරවම සම්මත වී ඇතැයි වාර්තාවේ.
ඒ අනුව පසුගිය 03 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණ රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා වූ අතුරු සම්මත ගිණුම මෙලෙස ඡන්ද විමසීමකින් තොරව සම්මත වී තිබේ.
අතුරු සම්මත ගිණුම සම්බන්ධයෙන් පසුගිය 05 සහ 06 යන දෙදින පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා ඒ සඳහා වූ පාර්ලිමේන්තු විවාදය පවත්වනු ලැබීය.
2025 වසරට අයවැය ලේඛනයක් ඉදිරිපත් නොවීම හේතුවෙන්, 2025 මුල් මාස කිහිපයේ රජයේ වියදම් දැරීම සඳහා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කළ අතර එහි මුළු ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 2600 ක් වූ බවද වාර්තා වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...
ආණ්ඩුව කළ නොහොබිනාම දේ තමයි තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ සභාපති කිරීම - සංඛ චන්දිම අභයවර්ධන (වීඩියෝ)
හිසතෙල් ගෑමේ නැකැත අද
ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා
