අපේක්ෂිත බදු ආදායම් නොලැබී යයි... රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම, ජනතාවට බදු සහන ලබාදීම අර්බුදයක
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මේ වසර අවසානයේදී අපේක්ෂිත බදු ආදායම ඉපැයීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි මුදල් අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ වසරේදී (2024) ඉපැයීමට අපේක්ෂා කරන ලද ආදායම රුපියල් බිලියන 2024 ක් වුවත්, එම ආදායම උපයා ගැනීම සම්බන්ධව අර්බුදකාරී තත්ත්වයක් උද්ගතව ඇතැයි අනාවරණය වේ.
පසුගිය නොවැම්බර් මස 30 වැනිදා වන විටදී දෙපාර්තමේන්තුව විසින් රුපියල් බිලියන 1,893.4 ක බදු ආදායමක් ඉපැයීමට අපේක්ෂා කළද, බදු ගෙවන්නන්ගෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබී ඇත්තේ රුපියල් බිලියන 1,799.5 ක බදු ආදායමකි. මේ නිසා දෙපාර්තමේන්තුවට ඉකුත් නොවැම්බර් මස 30 වැනිදා වනවිට අපේක්ෂා කළ බදු ආදායම රුපියල් බිලියන 93.9 කින් අඩුවී ඇත.
එමෙන්ම, මේ වසරේ නොවැම්බර් මාසයේදී දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 290 ක බදු අදායමක් අපේක්ෂා කළද මාසය අවසන් දිනය වූ ඉකුත් 30 වැනිදා වන විටදී ලැබී ඇත්තේ රුපියල් බිලියන 220 ක බදු ආදායමකි.
2023/24 බදු වර්ෂයට අදාළ බදුගෙවීමේ කාල සීමාව ඉකුත් සැප්තැම්බර් මස 30 වැනිදායින් අවසන් විය.
මෙම තත්ත්වය මත මේ වසර (2024) අවසානය වන විටදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 2,000 ක බදු ආදායමකටවත් ළඟාවීම ගැටලුකාරීවී ඇතැයිද මුදල් අමාත්‍යාංශයේ ආරංචි මාර්ග කියයි.
මෙවැනි තත්ත්වයක් මත රේගුවේ සහ සුරා බදු දෙපාර්තමේන්තුවේදී වාර්ෂික බදු ඉලක්ක සපුරාලීමට නොහැකි වුවහොත් ලබන වසරේදී (2025) රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම සහ ජනතාවට බදු සහන ලබාදීමේදී ගැටලු සහගත තත්ත්වයක් උද්ගත වනු ඇතැයිද ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
– සාලිය කුමාර ගුණසේකර
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා