News Category
From Date
To Date
Maximum Number of Result

මාලිමාව දුන් මැතිවරණ පොරොන්දු අයවැයෙන් ඉටුකරන්න අසීරු තත්ත්වයක් - ආර්ථික විශේෂයෝ පෙන්වා දෙති

Dec 4, 2024 at 07:21 AM
|

ජාතික ජන බලවේගය පහුගිය මැතිවරණවලදී ලබාදුන් මැතිවරණ පොරොන්දු ඉදිරි අයවැයෙන් ඉටු කිරීම ඉතාම අභියෝගාත්මක තත්ත්වයකට පත්ව ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පෙන්වා දෙයි.

සම්මුඛ සාකච්ඡාවකට එකමින් හෙතෙම මෙම අදහස් පල කර තිබේ.

"උපයන විට ගෙවන බද්ද අඩු කරනවා කියලා ජාතික ජන බලවේගය නිශ්චිතව සඳහන් කරලා තිබුණා. ඒ වගේම අධ්‍යාපනය, සෞඛ්‍ය, ආහාර ආදී ඇතැම් භාණ්ඩ හා සේවා වැට් බද්දෙන් නිදහස් කරනවා කියලත් කියලා තිබුණා. නමුත් මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශවලට අනුව නම් මෙලෙස බදු අඩු කරන්න තියෙන ඉඩකඩ ඉතාමත් සීමිතයි. මේ කිසිම දෙයක් කරන්න එපා කියලා මූල්‍ය අරමුදල කියන්නේ නැහැ. නමුත් මේ කරන දේවල් හරහා අදාළ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට හැකියාව තිබිය යුතුයි කියන මූලික තර්කය ඔවුන් ගෙන එනවා. අවසානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලාපොරොත්තු වන ආදායම් ඉලක්ක සැපිරෙනවා නම් මොන බදු අඩු කළත්, මොන බදු වැඩි කළත් ප්‍රශ්නයක් නැහැ.

අධ්‍යාපනය, සෞඛ්‍ය සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවලට අදාළව වැට් බද්ද නිදහස් කරන්න පුළුවන්ද?

ඔබ ඔය අහන ප්‍රශ්නයට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කියවීම මොකක්ද කියලා අපි බලමු. ඇත්තටම මේ වෙද්දි රටේ ආදායම වැඩි කරගන්න හැකියාව ලැබිලා තියෙන්නේ බදුවලට අදාළ නිදහස් කිරීම්, එහෙමත් නැත්නම් බදු සහන සීමා කළ නිසයි. උදාහරණයක් හැටියට ඇතැම් ක්ෂේත්‍රයන්වලට වැට් බද්ද 0 සිට 18% දක්වා අය කරන්න පටන් ගත්තා. එහි ප්‍රතිඵලයක් හැටියට බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට 1.2% පමණ වැඩි කරගන්න හැකියාව ලැබිලා තියෙනවා. අනෙක් පැත්තෙන් ලබා දී තිබුණු බදු සහන බොහොමයක් ඉවත් කිරීමේ ප්‍රතිඵලයක් හැටියට සමස්ත බදු ආදායම 5% පමණ ඉහළ ගියා. එවැනි තත්ත්වයක් තුළ නැවැතත් බදු සහන ලබාදෙන්න ගියොත් සැලකිය යුතු බදු ආදායමක් රජයට අහිමි වෙනවා. රජයේ මුළු ආදායමෙන් තුනෙන් එකක් පමණ ලැබෙන්නේ වැට් බද්දෙන්. එවැනි තත්ත්වයක් තුළ වැට් බද්ද නිදහස් කළොත් රජයේ බදු ආදායම පහළ වැටෙනවා වගේම අනෙක් පැත්තෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂිත ප්‍රතිඵල ලැබෙන්නෙත් නැහැ. ඒ නිසා වැට් බද්දට අදාළ සහන දෙන්න ගියොත් සැලකිය යුතු ආදායමක් අනිවාර්යයෙන්ම රජයට අහිමිවෙන්න පුළුවන්. උපයන විට බද්දට අදාළ කාරණාත් බොහෝ සෙයින් මේ තත්ත්වයට සමානයි. ඇත්තටම අපි ඉන්නේ බදු ආදායම වැඩි කරගතත යුතු තත්ත්වයක මිස බදු ආදායම අඩු කළ හැකි තත්ත්වයක නෙමෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂිත ඉලක්කයන් කරා යා හැකි වෙන්නේ බදු ආදායම වැඩි කරගත්තොත් පමණයි. 2027 අවසන් වන විට රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට 15.3% දක්වා වර්ධනය කර ගත යුතුව තියෙනවා. අපි තවමත් ඉන්නේ 12% පමණ මට්ටමේ. 2027 වර්ෂය වන විට තවත් 3.3% වැනි ප්‍රමාණයක් සම්පූර්ණ කරගත යුතුව තියෙනවා.

ඔබ ඔය කියන විදියට 2027 වන විට රජයේ ආදායම සියයට තුනකට ඉහළ දමාගන්න හැකියාව තියෙනවද?

ඒක එක්තරා ආකාරයක අභියෝගයක්. සරලවම කියනව නම් මේ වෙද්දි අපි සූරන්න පුළුවන් හැම එකකින්ම උපරිමයටම සූරලා අරගෙන තියෙන්නේ. ඉදිරියටත් සූරලා ගන්නවා කියන එක ලොකු අභියෝගයක්. ඒ වුණත් දැනට එකතුවන ප්‍රමාණයට අමතරව දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට 1.5 % බදු ආදායම ඉහළ නංවා ගැනීම අත්‍යවශ්‍යයි. තියෙන බදු අඩු කරලා සහ දේපළ බද්ද වැනි බදු හඳුන්වා නොදී ඒ ඉලක්ක සපුරා ගන්නේ කොහොමද කියන ප්‍රශ්නය අපිටත් තියෙනවා. ඇත්තටම දේපළ බද්ද වැනි බදු අය නොකිරීමේ ප්‍රතිවිපාක අපිට 2025 වසරේ වගේම ඊළඟ වර්ෂවලත් විඳින්න වෙනවා.

ඔය කියන කාරණා අනුව රජයට රාජ්‍ය වියදම් වැඩි කරගැනීමට හෝ අමතර වියදම් කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ නේද? එහෙම වුණොත් රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම ආදී පොරොන්දුවලට මොකද වෙන්නේ?

ඇත්තටම රජයට අමතර වියදම් අසීමිතව වැඩි කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. තවත් විදිහකට කියනවා නම් නව රජයට රාජ්‍ය වියදම් වැඩි කර ගැනීමට ඉතාමත් සීමිත හැකියාවක් පමණයි තියෙන්නේ. ඒත් රාජ්‍ය සේවක වැටුප් වැඩි කරනවා, ජනතාවට විවිධාකාරයේ සහන ලබාදෙනවා කියලා ජාතික ජන බලවේගය මැතිවරණවලට පෙර කිව්වා. ප්‍රාථමික ගිණුමේ ශේෂයක් ඇති කරගන්නවා කියලා කියන්නේ මේ වගේ සහන ලබාදීමට තියෙන ඉඩකඩ ඉතාමත් සීමිත වෙනවා. ඒ නිසා 2025 අයවැය නව රජයට ඉතාමත් අභියෝගාත්මකයි කියලා කිව්වත් වරදක් නැහැ. ඔවුන්ට ආදායම් වැඩි, වියදම් අඩු අයවැයක් තමයි හදන්න වෙලා තියෙන්නේ."

සම්බන්ධිත පුවත් | Related News

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (09) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.
ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට ලබාදුන් සිරකරුවන් 388 දෙනාගේ ලැයිස්තුවේ සිටි පිරිසේ සිරකරුවන් 20 දෙනකුට ආසන්න පිරිසක් වෙනුවට නිදහස් කිරීමට නොහැකි දරුණු ගණයේ අපරාධකරුවන් පිරිසක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් හොර රහසේම නිදහස් කර ඇති බව මේ වනවිට පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
හන්තාන ප්‍රදේශයේ පිහිටි රජය සතුව තිබූ වටිනා ඉඩමක් මාධ්‍යවේදීන් හා අධිකරණ ක්ෂේත්‍රයේ නිලධාරීන් අතර බෙදා දීමක් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු මේ වන විට සිදුවීම් පවතින බව වාර්තා වෙයි.
වරාය අධිකාරියේ වත්මන් පරිපාලනයේ ආකාර්යක්ෂමතාව හේතුවෙන් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම සඳහා තවත් වසර එකහමාරක කාලයක් ගතවනු ඇති බවට වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ නියෝජිතයන් පසුගිය දා අනාවරණය කළේය.
‘විශාල බලාපොරොත්තු තබාගෙන පත්කරගත් රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙමින් පවතින බව කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමග‍්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනු නායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ සඳහන් කරති.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයට අදාළව අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අද (08) දින අත්අඩංගුවට ගෙන ඇත
ජනාධිපති පොදු සමාව භාවිතා කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව විමර්ශනයක් සිදුකිරීම පිලිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන විමර්ශණය ගැන පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ.

ප්‍රධාන පුවත්

යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..

හන්තාන ප්‍රදේශයේ පිහිටි රජය සතුව තිබූ වටිනා ඉඩමක් මාධ්‍යවේදීන් හා අධිකරණ ක්ෂේත්‍රයේ නිලධාරීන් අතර බෙදා දීමක් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු මේ වන විට සිදුවීම් පවතින බව වාර්තා වෙයි.

රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..

‘විශාල බලාපොරොත්තු තබාගෙන පත්කරගත් රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙමින් පවතින බව කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමග‍්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනු නායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ සඳහන් කරති.

අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..

පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා මහතා පවසන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට පැමිණ ඇති බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා රේගු වාර්තා ඉදිරිපත් කරමින් පෙන්වා දෙයි.

ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්

අනුරාධපුර බන්ධනාගාරයේ සිටි රැදවියෙකු වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරිම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..

ඉන්දියාව සමග ශ්‍රී ලංකා රජය අත්සන් කළ ගිවිසුම් හත සම්බන්ධයෙන් තොරතුරු ලබා නොදීම ගැන ජාතික සංවිධාන විසින් කළ අභියාචනයකට පිළිතුරු සපයමින් ඉකුත් 4 වැනි දා අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා විසින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබුනේ එම අභියාචනය ප්‍රතික්ෂේප කරන බවයි.

දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..

එල්ටීටීඊ ත්‍රස්තවාදය නිසා ඉන්දියාවට පලා ගිය දෙමළ ජන කණ්ඩායම් නැවත ලංකාවට ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරන බව වාර්තා වන බවත්, එසේ දෙමළ ජනයා ගෙන්වා ගැනීමේ දී ආගමන විගමන කටයුතු නිසි පරිදි සිදු විය යුතු බවත් දේශප්‍රේමි ජාතික පෙරමුණ පවසයි.

ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කෙරුණු ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු පෙත්සම අද(5) දින ‍ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පළමු වරට විභාගයට ගැණිනි.

කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)

රේගු පරීක්‍ෂාවකින් තොරව වරායෙන් පිටකරන ලද කන්ටේනර් 323 සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අන්දෝලනාත්ම ප්‍රකාශයක් පාර්ලිමේන්තුව තුළ දී සිදුකර තිබේ.

යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..

යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර පළාත් වල සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම පිළිබඳව ජාතික සමගිය සහ සංහිඳියා කාර්යාලය සමග සාකච්චාවක් පැවත්විණි.

දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)

දන්ඩනිති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න මහත්මිය පවසන්නේ මෙම වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ ලෙස තම සංවිධානය තදින් විරුද්ධ වන බවය.

ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව

දරුවන් ලිංගික අපයෝජනවලින් බේරාගැනීම සඳහා දණ්ඩනීති සංග්‍රහයේ ඇති අස්වාභාවික වැරදි පිළිබඳ 365 දරණ වගන්තිය සහ පුද්ගලයන් අතර බරපතළ අශෝභන ක්‍රියා පිළිබඳව සඳහන් වන 365 A වගන්තිය ඉවත් කරමින් දණ්ඩනීති සංග්‍රහයට සංශෝධනයක් ගෙන ඒමට අධිකරණ ඇමැතිවරයාට මානව හිමිකම් කොමිසම විසින් දන්වා ඇති බවට ඊයේ මාධ්‍ය හමුවක් අමතමින් දේශහිතෛෂීජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන්කර සිටියේය.

දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)

සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීම සඳහා ගෙන ඒමට යෝජිත නීති සංශෝධනයක් සිදුකිරීම පිළිබඳව මේ වන විට නැවත උත්සාහ දරමින් සිටින බවත්, දණ්ඩනීති සංග්‍රහයේ දැනට බල පවත්වන 365 වගන්තිය සහ 365 ආ වගනිතිය අහෝසි කිරීමට මෙමගින් යෝජනා කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)

ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකාරීන් පිරිසක් විසින් රටේ අර්බුද මැද මහජනයාගේ මනස වෙනත් පැත්තකට යොමු වී ඇති මොහොතක දරුවන් ලිංගික අපරාධවලින් ආරක්ෂා කරගැනීමට පනවා තිබූ දණ්ඩනීති සංග්‍රහයේ 365 සහ 365 ආ වගන්ති සංශෝධනය කර ලක්ෂ 60ක පමණ වන මෙරට දරුවන්ගේ ජීවිත අනතරුරට හෙළීමට කටයුතු සූදානම් කර ඇති බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා නගයි.

ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)

කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුවන බවට පැතිරෙන තොරතුරු සම්පූර්ණ අසත්‍ය බවත්, එවන් පුවත් ඇතැම් විට තම විරුද්ධවාදින් හෝ අවධානය දිනා ගැනීම සඳහා විවිධ මාධ්‍ය විසින් පල කරන එවා විය හැකි බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.