යාපනයේ තරුණයින් බලහත්කාරයෙන් යුක්‍රේන ගැටුමට සම්බන්ධ කළේ යැයි පලවන පුවත් වාර්තා පදනම් විරහිතයි- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය
සංචාරක වීසා බලපත්‍ර මගින් ප්‍රංශයට සහ බෙල්ජියමට යාමට උත්සාහ කළ යාපනය ප්‍රදේශයේ තරුණයන් කිහිප දෙනෙකු යුක්රේනයට එරෙහිව බලහත්කාරයෙන් සටන් කිරීමට සලස්වා ඇති බවට පසුගියදා පළ වූ පුවත් මාලාවක් සම්බන්ධයෙන් සම්බන්ධයෙන් පිළිබඳව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය සිය ස්ථාවරය පවසා තිබේ. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය අවධාරණය කරන්නේ එම වාර්තා පදනම් විරහිත බවයි. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්...
යුක්රේන ගැටුමට සහභාගී වීමට යාපනයේ තරුණයින් බලහත්කාරයෙන් සම්බන්ධ කර ගැනීම පිළිබඳව වන පුවත් වාර්තා පිළිබඳවයි
සංචාරක වීසා බලපත්‍ර මගින් ප්‍රංශයට සහ බෙල්ජියමට යාමට උත්සාහ කිරීමේදී යාපනය ප්‍රදේශයේ තරුණයන් කිහිප දෙනෙකු යුක්රේනයට එරෙහිව බලහත්කාරයෙන් සටන් කිරීමට සලස්වා ඇති බවට පසුගියදා පළ වූ පුවත් මාලාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ අවධානය යොමුව ඇත.
එවැනි පුවත් වල පදනම් විරහිත ස්වභාවය අවධාරණය කිරීමට ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ වගකීම වන්නේය. සාම්ප්‍රදායිකව මිත්‍රශීලීව මෙහෙයවෙන රුසියානු-ශ්‍රී ලංකා සබඳතා අපකීර්තියට පත්කිරීමේ අරමුණ සහිත හුවමාරු වන ඕනෑම තහවුරු නොකළ දත්ත අපි සමීපව නිරීක්ෂණය කරමින් සිටිමු. රුසියානු බලධාරීන් රුසියාවට පැමිණෙන සියලුම විදේශිකයන්ට ගරු කරන අතර ඔවුන්ගේ පුද්ගලික තේරීම, නිපුණතා සහ පවතින පුරප්පාඩු අනුව රැකියා අවස්ථා ලබා දීමට සූදානමින් සිටින බවද අවධරණය කරමු. රුසියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකික පුරවැසියන් සම්බන්ධ ගැටළු මූලික වශයෙන් මොස්කව්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් විසඳනු ලබන බව ද සැලකිල්ලට ගත යුතුය යන්න අපගේ අවධරණයයි.
අනෙක් අතට දේශීයවශයෙන් ක්‍රියාත්මක කූට සංචාරක ආයතන මගින් ශ්‍රී ලාංකික පුරවැසියන් රුසියාවට යැවීම සම්බන්ධ තොරතුරු නිල වශයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයට මෙතෙක් ලැබී නැති බවද පවසා සිටිමු.
එලෙසම, ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් යම් ඉල්ලීමක් ලැබුණහොත් එවැනි ක්‍රියාකාරකම් පිළිබඳ විමර්ශනයට සහය වීමට ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය සූදානම් බවද අවධාරණය කිරීමට කැමැත්තෙමු.
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය
2024 .12.02

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා