
යාපනයේ තරුණයින් බලහත්කාරයෙන් යුක්‍රේන ගැටුමට සම්බන්ධ කළේ යැයි පලවන පුවත් වාර්තා පදනම් විරහිතයි- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය
සංචාරක වීසා බලපත්‍ර මගින් ප්‍රංශයට සහ බෙල්ජියමට යාමට උත්සාහ කළ යාපනය ප්‍රදේශයේ තරුණයන් කිහිප දෙනෙකු යුක්රේනයට එරෙහිව බලහත්කාරයෙන් සටන් කිරීමට සලස්වා ඇති බවට පසුගියදා පළ වූ පුවත් මාලාවක් සම්බන්ධයෙන් සම්බන්ධයෙන් පිළිබඳව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය සිය ස්ථාවරය පවසා තිබේ. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය අවධාරණය කරන්නේ එම වාර්තා පදනම් විරහිත බවයි. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්...
යුක්රේන ගැටුමට සහභාගී වීමට යාපනයේ තරුණයින් බලහත්කාරයෙන් සම්බන්ධ කර ගැනීම පිළිබඳව වන පුවත් වාර්තා පිළිබඳවයි
සංචාරක වීසා බලපත්‍ර මගින් ප්‍රංශයට සහ බෙල්ජියමට යාමට උත්සාහ කිරීමේදී යාපනය ප්‍රදේශයේ තරුණයන් කිහිප දෙනෙකු යුක්රේනයට එරෙහිව බලහත්කාරයෙන් සටන් කිරීමට සලස්වා ඇති බවට පසුගියදා පළ වූ පුවත් මාලාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ අවධානය යොමුව ඇත.
එවැනි පුවත් වල පදනම් විරහිත ස්වභාවය අවධාරණය කිරීමට ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ වගකීම වන්නේය. සාම්ප්‍රදායිකව මිත්‍රශීලීව මෙහෙයවෙන රුසියානු-ශ්‍රී ලංකා සබඳතා අපකීර්තියට පත්කිරීමේ අරමුණ සහිත හුවමාරු වන ඕනෑම තහවුරු නොකළ දත්ත අපි සමීපව නිරීක්ෂණය කරමින් සිටිමු. රුසියානු බලධාරීන් රුසියාවට පැමිණෙන සියලුම විදේශිකයන්ට ගරු කරන අතර ඔවුන්ගේ පුද්ගලික තේරීම, නිපුණතා සහ පවතින පුරප්පාඩු අනුව රැකියා අවස්ථා ලබා දීමට සූදානමින් සිටින බවද අවධරණය කරමු. රුසියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකික පුරවැසියන් සම්බන්ධ ගැටළු මූලික වශයෙන් මොස්කව්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් විසඳනු ලබන බව ද සැලකිල්ලට ගත යුතුය යන්න අපගේ අවධරණයයි.
අනෙක් අතට දේශීයවශයෙන් ක්‍රියාත්මක කූට සංචාරක ආයතන මගින් ශ්‍රී ලාංකික පුරවැසියන් රුසියාවට යැවීම සම්බන්ධ තොරතුරු නිල වශයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයට මෙතෙක් ලැබී නැති බවද පවසා සිටිමු.
එලෙසම, ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් යම් ඉල්ලීමක් ලැබුණහොත් එවැනි ක්‍රියාකාරකම් පිළිබඳ විමර්ශනයට සහය වීමට ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය සූදානම් බවද අවධාරණය කිරීමට කැමැත්තෙමු.
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය
2024 .12.02
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..
රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට..
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
