
මගේ පාරෙම අනුර යන එක ගැන සතුටුයි - රනිල් කියයි
වර්තමාන රජය IMF වැඩපිළිවෙළට අනුගතව වෙමින් ඉදිරියට යාම ගැන තමන් ජනාධිපතිවරයාට ප්‍රශංසා කර බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (30) පස්වරුවේ අමාරි හෝටල් ජාලයට අයත් අමාරි කලම්බෝ හෝටලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
එම හෝටලය විවෘත කිරීමේ අවස්ථාවට හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය විජිත හේරත්, මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු ආරාධිතයින් රැසක් එක්ව සිටියේය.
එහිදි අදහස් දක්මින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසීය.
"මේ රටේ ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේදී ආර්ථිකය ගොඩගන්න නම් ඉස්සෙල්ලාම තිබුණේ මේ රටේ තියන ධාරිතාව සම්පූර්ණයෙන්ම යළිත් ක්‍රියාත්මක කරන්න. වර්ථමාන ජනාධිපති අනුර දිසානායක මැතිතුමා මුදල් ඇමති හැටියටත් ආණ්ඩුවත් IMF සංවිධානය සමග එකඟ වූ රාමුව ඉදිරියට ගෙන යාම ගැන මගෙත් සතුට ප්‍රකාශ කරනවා. මොකද අපිට ඒකෙන් පිට යන්න බැහැ. එතැනදි අපේ පවතින ධාරිතාව සම්පූර්ණ වුණාට පස්සේ අපිට අලුත් මාර්ග සොයන්න වෙනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...
ආණ්ඩුව කළ නොහොබිනාම දේ තමයි තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ සභාපති කිරීම - සංඛ චන්දිම අභයවර්ධන (වීඩියෝ)
හිසතෙල් ගෑමේ නැකැත අද
ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා
