
ආරක්ෂක අංශ සතුව පවතින උතුරේ පෞද්ගලික ඉඩම් නිදහස් කරනවා - ආරක්ෂක ලේකම්
උතුරු පළාතේ ජනතාවගේ ආරක්ෂක අංශ සතුව පවතින පෞද්ගලික ඉඩම් නිදහස් කරන බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා යාපනයේදී සඳහන් කර ඇත.
ගංවතුරින් පීඩාවට පත්ව ඇති උතුරු පළාතේ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් මත පසුගියදා යාපනයේ සංචාරයක නිරත වූ ආරක්ෂක ලේකම්වරයා සහභාගි වූ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කර තිබේ.
ආරක්ෂක අංශ සතුව පවතින උතුරේ ජනතාවගේ පෞද්ගලික ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමු කර ඇතැයිද රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ආණ්ඩුව තීරණ ගෙන ඇතැයිද ඔහු එහිදී පවසා ඇත.
කෙසේ වෙතත් ඒ කිසිදු තීරණයකින් ජනතාව පීඩාවට පත් නොකරන බවද ලේකම්වරයා සඳහන් කර ඇත.
ලේකම්වරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණේ දැනටමත් උතුරු පළාතේ වසා දමා තිබුණු මාර්ග කිහිපයක් විවෘත කිරීමට කටයුතු කර ඇති අතර ආරක්ෂක අංශ සතුව පැවැතුණු ඉඩම් කිහිපයක්ද ජනතාව වෙත නිදහස් කිරීමට කටයුතු කර ඇති බවයි.
මෙම මාධ්‍ය හමුවට ධීවර ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍ර සේකර් මහතාද සහභාගි වී තිබේ.
ලක්‍ෂමී ජයකොඩි
– Mawbima
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...
ආණ්ඩුව කළ නොහොබිනාම දේ තමයි තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ සභාපති කිරීම - සංඛ චන්දිම අභයවර්ධන (වීඩියෝ)
හිසතෙල් ගෑමේ නැකැත අද
ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා
