ඊශ්‍රායල - හමාස් යුද ගැටුම් තවත් උග්‍ර අතට
Nov 5, 2023 at 10:39 AM
|
ඊශ්‍රායල - හමාස් යුද ගැටුම් මේවනවිට තවදුරටත් තීව්‍ර වෙමින් ඇති බව වාර්තා වේ.
එවැනි පසුබිමක උතුරු ගාසා තීරයේ ලක්ෂ 4කට ආසන්න පලස්තීන වැසියන් පිරිසක් තවමත් රැඳී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
ගාසාහි විශාලතම රෝහල ලෙස සැලකෙන අල් ෂිෆා රෝහල අසළදී ගිලන් රථයකට ඊයේ ගුවන් ප්‍රහාරයක් එල්ල වුණි.
ප්‍රහාරයේ වගකීම භාරගත් ඊශ්‍රායලය පවසන්නේ එය හමාස් ත්‍රස්තවාදීන් භාවිත කරන ගිලන් රථයක් බවය.
ප්‍රහාරයෙන් පලස්තීන ජාතිකයින් 15 දෙනෙකු මියගොස් තවත් 50 දෙනෙකු තුවාල ලැබීය.
මේ අතර, අවතැන් වූ පිරිස් රැඳී සිටි පාසලකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් තවත් පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් තිබේ.
ඊශ්‍රායලය, ගාසා තීරය ඉලක්ක කරමින් ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටින පසුබිමක ගොඩබිම් ගැටුම් ද තීව්‍ර වෙමින් පවතී.
මේ අතර, උතුරු ගාසා තීරයේ ගොඩබිම් මෙහෙයුම් සිදුකෙරෙන වීඩියෝවක් හමාස් සංවිධානය නිකුත් කර තිබුණි.
ඊශ්‍රායලය මේ වනවිට ගාසා සිටි නගරයට පමණක් එල්ල කර ඇති ප්‍රහාර ගණන 10,000ක් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
එමෙන්ම මානව හිමිකම් සංවිධාන පවසන්නේ, ගාසා තීරයට එල්ල කර ඇති ප්‍රහාර න්‍යාෂ්ටික බෝම්බ දෙකක ප්‍රබලත්වයට සමාන බවය.
දිනෙන් දින යුද ගැටුම් තීව්‍ර වෙමින් පවතින මෙවන් පසුබිමක පලස්තීනයෙන් වාර්තා වන මරණ ගණන 9,200 ඉක්මවා ගොස් තිබේ.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු පවසන්නේ ප්‍රාණඇපකරුවන් නිදහස් කරන තෙක් සටන් විරාමයකට එකඟ නොවන බවය.