මහ ඡන්දය අදයි... අපේක්‍ෂකයන් 8888කින් 225ක් අද තෝරයි
ශ්‍රී ලංකාවාසීන්ට සර්වජන ඡන්දබලය ලැබී වසර 93ක් සම්පූර්ණ වීමෙන් අනතුරුව පැවැත්වෙන දස වැනි පාර්ලිමේන්තුව සඳහා සභිකයන් තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම අද (14දා) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී පැවැත්වෙයි.
දේශපාලන පක්ෂ 49කින් හා ස්වාධීන කණ්ඩායම් 282කින් ඉදිරිපත් වූ අපේක්ෂකයන් 8,888 දෙදෙනකු අතරින් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් 225 දෙනකු තෝරා පත් කරගැනීමට අද ඡන්ද දායකයන් එක් කෝටි හැත්තෑ එක්ලක්ෂ හතළිස් දහස් තුන්සිය පනස් හතර (17,140,354) දෙනකු ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇත.
මහජනතාවගේ ඡන්දයෙන් සභිකයින් 196 දෙනකුද, ජාතික ලැයිස්තුව මගින් සභිකයින් 29 දෙනකුද තෝරා පත්කර ගැනීමට නියමිතය.
මෙවර මැතිවරණයේදී ඡන්දදායිකාවන් සඳහා පමණක් වෙන්වූ ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව 107 කි. සමස්ත ඡන්ද මධ්‍යස්ථාන 13,421 අතුරින් 6,147 ක් තනි පෝලිමකින්ද, 7,274 ක් පෝලිම් දෙකකින්ද යුතු බව මැතිවරණ කොමිෂන් සභාව කියයි.
ඡන්ද මධ්‍යස්ථාන සඳහා නිලධාරීන් ද එක්ලක්ෂ පනස් දෙනෙක් (152,000ක්) පමණ යොදවා ඇති අතර ඡන්ද මධ්‍යස්ථාන ආරක්ෂා කිරීම සඳහා පොලිස් නිලධාරීන් විසිහත් දහසක් (27,000ක්) පමණ යොදවා තිබේ.
මැතිවරණයේ ඡන්දය විමසීමේ කටයුතු පස්වරු 4.00ට අවසන් වීමෙන් පසු තැපැල් ඡන්දය ගණන් කිරීමේ කටයුතු පස්වරු 4.15 ට පමණ ආරම්භ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු යොදා ඇත. අනෙකුත් ඡන්ද ගණන් කිරීමේ කටයුතු රාත්‍රී 7.15 ට පමණ ආරම්භ කරන බවද එම කොමිසම සඳහන් කරයි.
මැතිවරණ කොට්ඨාස 22 හි ගණන් කිරීමේ මධ්‍යස්ථාන 54 කදී ඡන්දය ගණන් කිරීමේ කටයුතු සිදු කෙරෙන අතර, ගණන් කිරීමේ ශාලා සම්පූර්ණ සංඛ්‍යාව 1,582 කි. මෙම ශාලා අතුරින් 452 කදී තැපැල් ඡන්දය ගණන් කිරීමේ කටයුතු සිදු කෙරෙන අතර,සාමාන්‍ය ඡන්ද ගණන් කිරීමේ ශාලා සංඛ්‍යාව 1,582 කි. ඡන්දය ගණන් කිරීමේ කටයුතු සඳහා නිලධාරීන් 80,000 ක් යොදවා තිබේ.
පාර්ලිමේන්තු මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී 12.00 ට පෙර නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද එම කොමිසම කියයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා