
මහ ඡන්දය අදයි... අපේක්‍ෂකයන් 8888කින් 225ක් අද තෝරයි
ශ්‍රී ලංකාවාසීන්ට සර්වජන ඡන්දබලය ලැබී වසර 93ක් සම්පූර්ණ වීමෙන් අනතුරුව පැවැත්වෙන දස වැනි පාර්ලිමේන්තුව සඳහා සභිකයන් තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම අද (14දා) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී පැවැත්වෙයි.
දේශපාලන පක්ෂ 49කින් හා ස්වාධීන කණ්ඩායම් 282කින් ඉදිරිපත් වූ අපේක්ෂකයන් 8,888 දෙදෙනකු අතරින් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් 225 දෙනකු තෝරා පත් කරගැනීමට අද ඡන්ද දායකයන් එක් කෝටි හැත්තෑ එක්ලක්ෂ හතළිස් දහස් තුන්සිය පනස් හතර (17,140,354) දෙනකු ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇත.
මහජනතාවගේ ඡන්දයෙන් සභිකයින් 196 දෙනකුද, ජාතික ලැයිස්තුව මගින් සභිකයින් 29 දෙනකුද තෝරා පත්කර ගැනීමට නියමිතය.
මෙවර මැතිවරණයේදී ඡන්දදායිකාවන් සඳහා පමණක් වෙන්වූ ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව 107 කි. සමස්ත ඡන්ද මධ්‍යස්ථාන 13,421 අතුරින් 6,147 ක් තනි පෝලිමකින්ද, 7,274 ක් පෝලිම් දෙකකින්ද යුතු බව මැතිවරණ කොමිෂන් සභාව කියයි.
ඡන්ද මධ්‍යස්ථාන සඳහා නිලධාරීන් ද එක්ලක්ෂ පනස් දෙනෙක් (152,000ක්) පමණ යොදවා ඇති අතර ඡන්ද මධ්‍යස්ථාන ආරක්ෂා කිරීම සඳහා පොලිස් නිලධාරීන් විසිහත් දහසක් (27,000ක්) පමණ යොදවා තිබේ.
මැතිවරණයේ ඡන්දය විමසීමේ කටයුතු පස්වරු 4.00ට අවසන් වීමෙන් පසු තැපැල් ඡන්දය ගණන් කිරීමේ කටයුතු පස්වරු 4.15 ට පමණ ආරම්භ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු යොදා ඇත. අනෙකුත් ඡන්ද ගණන් කිරීමේ කටයුතු රාත්‍රී 7.15 ට පමණ ආරම්භ කරන බවද එම කොමිසම සඳහන් කරයි.
මැතිවරණ කොට්ඨාස 22 හි ගණන් කිරීමේ මධ්‍යස්ථාන 54 කදී ඡන්දය ගණන් කිරීමේ කටයුතු සිදු කෙරෙන අතර, ගණන් කිරීමේ ශාලා සම්පූර්ණ සංඛ්‍යාව 1,582 කි. මෙම ශාලා අතුරින් 452 කදී තැපැල් ඡන්දය ගණන් කිරීමේ කටයුතු සිදු කෙරෙන අතර,සාමාන්‍ය ඡන්ද ගණන් කිරීමේ ශාලා සංඛ්‍යාව 1,582 කි. ඡන්දය ගණන් කිරීමේ කටයුතු සඳහා නිලධාරීන් 80,000 ක් යොදවා තිබේ.
පාර්ලිමේන්තු මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී 12.00 ට පෙර නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද එම කොමිසම කියයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..
රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට..
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
