
මාලිමාවෙන් තරග කරන අවබෝධයෙන් බොරු කියන නිලන්ති කොට්ටහච්චි සජබ ද?... අනුර දිසානායක මාලිමාවේ ජනාධිපති ද සජබ ජනාධිපති ද? - ගම්මන්පිල අසයි
ජනාධිපති අනුර දිසානායන මහතා හා ජාතික ජනබලවේගයෙන් කළුතර දිස්ත‍්‍රික්කයට තරග වදින නිලන්ති කොට්ටච්චි මහත්මිය සමගි ජන බලවේගයේදැයි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ප්රශ්න කරයි.
කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
එහිදී අදහස් දැක්වූ ඒ මහතා,
"මාධ්‍ය හමුවක් පැවැත්වූ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මැතිතුමා කියනවා උගන්ඩාවට අපේ ඩොලර් අරගෙන ගිය කතාව කිව්වේ සජබ මිස මාලිමාව නොවේ කියලා. එහෙම නම් කළුතර දිස්ත්‍රික්කයෙන් මාලිමාවෙන් තරග කරන අවබෝධයෙන් බොරු කියන නිලන්ති කොට්ටහච්චි සජබ ද? සජබ කෙනා මාලිමාවෙන් තරග කරන්නේ කොහොමද? සජබ අයට මාලිමාවෙන් නාමයෝජනා දුන්නේ අපේක්ෂකයෝ දහහතර දෙනෙක් සොයා ගන්න බැරි වුණු නිසා ද කියලා ටිල්වින් මැතිතුමාගෙන් අහන්න වෙනවා. ඒ වගේම වත්මන් ජනාධිපති අනුර දිසානායක මැතිතුමා 2021 දී ඩොලර් උගන්ඩාවට ගෙන යෑමක් ගැන කතා කරනවා. එතකොට අනුර දිසානායක මැතිතුමා මාලිමාවේ ජනාධිපති ද සජබ ජනාධිපති ද කියන එක ටිල්වින් සිල්වා මහතා රටට පැහැදිලි කළ යුතුයි.
ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක විජිත ඇමතිතුමා කට ඇරියොත් කියන්නේ බොරු. පාස්කු වාර්තා ගැන කියන්නේ බොරු. ණය ගැනීම් ගැන කියන්නේ බොරු. ඇත්ත කියලා කියන්න පුළුවන් දෙයක් කියලා නැති ගානයි. හැබැයි එතුමා කියන්නේ මම බොරු කියනවා කියලා. ඒ නිසා කවුුද ඇත්ත කියන්නේ කියලා ජනතාවට දැන ගැනීමට පුළුවන් වෙන්න මම එතුමාට ප්‍රසිද්ධ විවාදයකට අභියෝග කළා. නමුත් ඒ විවාදය මග හැරීමෙන් එතුමා තමන් කියන්නේ බොරු බව පිලිගැනීමක් කරලා තිබෙනවා. එතුමා කියනවා නරි බුරති. බල්ලෝ අනිති කියලා. ඒ කතාව නම් සහතික ඇත්ත විජිත ඇමතිතුමනි. ඇත්තෙන්ම ඒක තමයි දැන් වෙලා තිබෙන්නේ. පෙට්ටි කඩයක් වත් පාලනය කරලා පුරුද්දක් නැති අවුුරුදු 60ක් විවේචනය පමණක් කරපු අය රටක් පාලනය කරන කොට නරි බුරනවා වගේ තමයි පේන්නේ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..
රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට..
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
