මාලිමාවෙන් තරග කරන අවබෝධයෙන් බොරු කියන නිලන්ති කොට්ටහච්චි සජබ ද?... අනුර දිසානායක මාලිමාවේ ජනාධිපති ද සජබ ජනාධිපති ද? - ගම්මන්පිල අසයි
ජනාධිපති අනුර දිසානායන මහතා හා ජාතික ජනබලවේගයෙන් කළුතර දිස්ත‍්‍රික්කයට තරග වදින නිලන්ති කොට්ටච්චි මහත්මිය සමගි ජන බලවේගයේදැයි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ප්රශ්න කරයි.
කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
එහිදී අදහස් දැක්වූ ඒ මහතා,
"මාධ්‍ය හමුවක් පැවැත්වූ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මැතිතුමා කියනවා උගන්ඩාවට අපේ ඩොලර් අරගෙන ගිය කතාව කිව්වේ සජබ මිස මාලිමාව නොවේ කියලා. එහෙම නම් කළුතර දිස්ත්‍රික්කයෙන් මාලිමාවෙන් තරග කරන අවබෝධයෙන් බොරු කියන නිලන්ති කොට්ටහච්චි සජබ ද? සජබ කෙනා මාලිමාවෙන් තරග කරන්නේ කොහොමද? සජබ අයට මාලිමාවෙන් නාමයෝජනා දුන්නේ අපේක්ෂකයෝ දහහතර දෙනෙක් සොයා ගන්න බැරි වුණු නිසා ද කියලා ටිල්වින් මැතිතුමාගෙන් අහන්න වෙනවා. ඒ වගේම වත්මන් ජනාධිපති අනුර දිසානායක මැතිතුමා 2021 දී ඩොලර් උගන්ඩාවට ගෙන යෑමක් ගැන කතා කරනවා. එතකොට අනුර දිසානායක මැතිතුමා මාලිමාවේ ජනාධිපති ද සජබ ජනාධිපති ද කියන එක ටිල්වින් සිල්වා මහතා රටට පැහැදිලි කළ යුතුයි.
ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක විජිත ඇමතිතුමා කට ඇරියොත් කියන්නේ බොරු. පාස්කු වාර්තා ගැන කියන්නේ බොරු. ණය ගැනීම් ගැන කියන්නේ බොරු. ඇත්ත කියලා කියන්න පුළුවන් දෙයක් කියලා නැති ගානයි. හැබැයි එතුමා කියන්නේ මම බොරු කියනවා කියලා. ඒ නිසා කවුුද ඇත්ත කියන්නේ කියලා ජනතාවට දැන ගැනීමට පුළුවන් වෙන්න මම එතුමාට ප්‍රසිද්ධ විවාදයකට අභියෝග කළා. නමුත් ඒ විවාදය මග හැරීමෙන් එතුමා තමන් කියන්නේ බොරු බව පිලිගැනීමක් කරලා තිබෙනවා. එතුමා කියනවා නරි බුරති. බල්ලෝ අනිති කියලා. ඒ කතාව නම් සහතික ඇත්ත විජිත ඇමතිතුමනි. ඇත්තෙන්ම ඒක තමයි දැන් වෙලා තිබෙන්නේ. පෙට්ටි කඩයක් වත් පාලනය කරලා පුරුද්දක් නැති අවුුරුදු 60ක් විවේචනය පමණක් කරපු අය රටක් පාලනය කරන කොට නරි බුරනවා වගේ තමයි පේන්නේ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා