
රුපියල් මිලියන 500ක වාර්ෂික ආදායමක් ලබා දෙන ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීමට ගෙන ඇති තීරණය වහාම හකුලා ගන්න - පුබුදු ජයගොඩ
රුපියල් මිලියන 500ක වාර්ෂික ආදායමක් ලබා දෙන ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීමට ගෙන ඇති තීරණය වහාම හකුලා ගත යුතු බවත් එසේ නොවුණහොත් විශාල ජනතා විරෝධයක් ගොඩනගන බව ජන අරගල සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක පුබුදු ජයගොඩ පැවැසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ මහනුවර ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවක් අමතමින්ය.
"අදටත් රටේ අවුරුදු 5ට අඩු ළමයින්ගෙන් පහෙන් එකක් මන්දපෝෂණයෙන් පෙළෙනවා. මව්වරු 6,64,920ක් සහ දරුවන් 9,25,172ක් පෝෂණ අවශ්‍යතාවය සපුරගන්නේ ත්‍ර්‍රිපෝෂ හරහා. එතකොට ආසන්න වශයෙන් මාසිකව ලක්ෂ 16කට ත්‍රිපෝෂ ලැබෙනවා. ග්‍රෑම් 750 බර එක පැකට් එකක නිෂ්පාදන වියදම රුපියල් 370ක් විදිහට ගණං බැලුවම රජයට වැය වෙන්නේ රුපියල් බිලියන 9යි. ඒ ප්‍රමාණයෙනුත් බිලියන බාගයක් විතර ත්‍රිපෝෂ සමාගම විසින් වෙළෙඳපොළට ආහාර නිෂ්පාදනය කරලා හොයනවා. එහෙම තියෙද්දි ආණ්ඩුව සූදානම් වෙනවා නම් ත්‍රිපෝෂ සමාගම වහන්න අපි ජන අරගල සන්ධානය විදිහට කියනවා අපි ඒකට ඉඩ තියන්නෙ නෑ. අපි රටේ ජනතාවටත් කියනවා වහාම මේකට විරුද්ධ වෙන්න. ත්‍රිපෝෂ සමාගම ආරක්ෂා කරගන්න මැදිහත් වෙන්න. 1987 මේ සමාගම පෞද්ගලික දුම්කොළ නිෂ්පාදන සමාගමක් සමග ඒකාබද්ධව ආරම්භ කරලා 2011 දි රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරගන්න හේතු වුනණත් අත්‍යාවශ්‍ය මහජන සේවාවක් නිසා. රජයට පවරගන්න කොට සමාගමේ නිෂ්පාදන ධාරිතාව විදිහට තිබුණෙ රටේ සමස්ථ අවශ්‍යතාවයෙන් සියයට 70යි. නමුත් 2016 වෙද්දි අලුත් යන්ත්‍ර සූත්‍ර එක්ක මේ අගය සියයට 100 දක්වා වර්ධනය වුණා. මේ වෙද්දි අවශ්‍යතාවයටත් වඩා වැඩි නිෂ්පාදනයක් වෙනවා. එතකොට ත්‍රිපෝෂ සමාගම රටේ පෝෂණ අවශ්‍යතාවය සැපිරීමේ විශාල සේවයක් කරන ගමන් ලොකු ලාභයකුත් රජයට උපයල දෙනවා. දැන් ප්‍රශ්නෙ තියෙන්නෙ එහෙනම් ඇයි ත්‍රිපෝෂ සමාගම අහෝසි කරන සැලසුමක් ක්‍රියාත්මක වෙන්නෙ? ආණ්ඩුව ඒ ගැන තම ස්ථාවරය පැහැදිලි කළ යුතුයි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...
