චීන - ශ්‍රී ලංකා මිත්‍රත්වය වසර 2,000කට වඩා පැරැණියි... චීනය සැමවිටම ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ සිටින විශ්වාසය තැබිය හැකි සැබෑ මිතුරෙක් - ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong
රටවල් දෙකක් ලෙස භූගෝලීය වශයෙන් දුරස්ථ වුවත්, චීනය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය වසර 2,000කට වඩා වැඩි බවත්, ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවද, චීනය සැමවිටම ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ සිටින අතර ශ්‍රී ලංකාවට විශ්වාසය තැබිය හැකි සැබෑ මිතුරෙකු සහ හොඳ හවුල්කරුවෙකු බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා පවසයි.
Qi Zhenhong මහතා මේ බව පැවසුවේ පසුගිය 01 වැනි දා කැප්පෙටිපොල මහා විද්‍යාලයේ සංවිධානය කර තිබූ ශිෂ්‍යත්ව ප්‍රදාන උත්සවයක් අමතමිනි.
එහිදී ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා සිදුකළ සම්පූර්ණ කතාව පහළින්,
ආර්.එම්.එස්.බී රත්නායක විදුහල්පති තුමනි,
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්.ආර්.ඩී.අපොන්සු මැතිතුමා හා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක ඒ.එච්.ආර්.අමරදාස මහතාණෙනි,
කැප්පෙටිපොල මහා විද්‍යාලයේ හිතවත් ගුරුවරුනි, සිසු සිසුවියන් සහ ආදි ශිෂ්‍යයනි,
සුභ සන්ධ්‍යාවක්!
කැප්පෙටිපොල ශ්‍රී ලාංකේය ජාතික වීරයාගේ නමින් නම් කර ඇති මෙම විද්‍යාලයට අද පැමිණීම ගැන මම ඉතා සතුටට හා ගෞරවයට පත් වෙමි. මෙය ආත්මීය වීරත්වය මූර්තිමත් කරන ස්ථානයකි. ඔබේ විශිෂ්ට ආදි ශිෂ්‍ය ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්.ආර්.ඩී.අපෝන්සු මහතාගේ පැමිණීම ගැන මම විශේෂයෙන් සතුටු වෙමි. මගේ අවසාන සංචාරය කෙටි වුවද, ඔබේ උණුසුම, කරුණාව සහ සරල බව මා තුළ ගැඹුරු හා සුන්දර හැඟීමක් ඇති කළේය. එතැන් සිට, මම ඔබට සහය වන්නේ කෙසේද සහ මෙම ආදරණීය දරුවන්ට ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීමට උපකාර කරන්නේ කෙසේද යන්න ගැන සිතමින් සිටියෙමි.
චීන තානාපති ශිෂ්‍යත්වය ඔබට පිරිනැමීමට අපි අද අගනුවර සිට පැය හයක් ගතකරමින් අපි මෙහි පැමිණ ඇත. ශිෂ්‍යත්ව මුදල සීමිත විය හැකි නමුත්, එය ඔබගේ අධ්‍යයන කටයුතු සඳහා යම් උපකාරයක් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
චීන තානාපති ශිෂ්‍යත්වය 2016 දී ආරම්භ කරන ලද අතර එය ශ්‍රී ලංකාවේ පාසල් 20 කට අධික සංඛ්‍යාවක සිසුන් දහස් ගණනකට ප්‍රතිලාභ ලබා දී ඇත. ඉදිරියේදී මෙම ශිෂ්‍යත්වය වැඩි සිසුන් සංඛ්‍යාවක් සහ පාසල් වැඩි සංඛ්‍යාවක් ආවරණය වන පරිදි පුළුල් කිරීමට නියමිතය. අධ්‍යාපනික හුවමාරුව සහ සහයෝගීතාවය අප දෙරට අතර මිත්‍රශීලී අන්තර් ක්‍රියාවල වැදගත් අංග වේ. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ දියුණුවට සහාය වීම සඳහා චීන රජය ශ්‍රී ලංකාවේ සිසු සිසුවියන්ට 1975 සිට පූර්ණ ශිෂ්‍යත්ව හා එක් වරක් ලබා දෙන ශිෂ්‍යත්ව සහ කෙටි කාලීන පුහුණු අවස්ථා චීනයේ දී ලබා දෙයි. මෑත වසරවලදී, මෙම සංඛ්‍යාව වාර්ෂිකව 1,000 ඉක්මවා ඇත. 2022 අරගලයෙන් පසු චීනය ශ්‍රී ලංකාවට හදිසි අවශ්‍යතා වෙනුවෙන් සහල් ටොන් 10,000ක් පරිත්‍යාග කළේය. ශ්‍රී ලංකාවේ පළාත් නවයක් පුරා පාසල් 7,900 ක සිසුන් මිලියන1.1 ක් සඳහා වසර භාගයක දිවා ආහාරය ලබා දීමටද අප විසින් කටයුතු කළෙමු.වසර 2023 සහ 2024 දී චීන රජය දිවයින පුරා සියලුම රජයේ පාසල් සිසුන් සඳහා පාසල් නිල ඇඳුම් සඳහා රෙදිපිළිවලින් 70% සහ 80% ක් පරිත්‍යාග කරන ලදී.
2025 අධ්‍යයන වර්ෂයේදී අපි පාසල් නිල ඇඳුම් සඳහා රෙදි වලින් 100% ක් පරිත්‍යාග කරන්නෙමු. එය දළ වශයෙන් රුපියල් බිලියන 5.2 ක් වටිනා මීටර් මිලියන 11.82 ක් වන අතර එය මේ වසර අවසන් වීමට පෙර කාණ්ඩ තුනකින් කොළඹට නැව්ගත කෙරේ.මීට අමතරව, චීන රජය, පළාත් පාලන සහ රාජ්‍ය නොවන සංවිධාන දුෂ්කර ප්‍රදේශවල සිසුන් දහස් ගණනකට පාසල් බෑග්, ලිපි ද්‍රව්‍ය සහ අනෙකුත් ඉගෙනුම් ද්‍රව්‍ය පරිත්‍යාග කර ඇති අතර ඉදිරි කිහිපය තුළ ශ්‍රී ලංකාව පුරා පාසල් 500 ක ස්මාර්ට් පන්ති කාමර 900 ක් ඉදිකිරීමට සැලසුම් කර ඇත.මෙයින් වසර මිලියන 1 කට වැඩි සිසුන් ප්‍රමාණයක් ප්‍රතිලාභ ලබයි.
හිතවත් ශිෂ්‍යවරුනි, ගුරුවරුනි, අපේ රටවල් දෙක භූගෝලීය වශයෙන් දුරස්ථ වුවත්, චීනය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය වසර 2,000කට වඩා වැඩියි. ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවද, චීනය සැමවිටම ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ සිටින අතර ශ්‍රී ලංකාවට විශ්වාසය තැබිය හැකි සැබෑ මිතුරෙකු සහ හොඳ හවුල්කරුවෙකු වනු ඇත. මෑතදී ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක් ගංවතුරෙන් පීඩාවට පත් වූ අතර, චීන රජය කාලීන ආධාර ලබා දී, විපතට පත් 100,000 කට අධික ජනතාවට දුෂ්කරතා මඟහරවා ගැනීමට සහ නැවත නිවාස ගොඩනැඟීමට උපකාර කිරීම සඳහා ආසන්න වශයෙන් රුපියල් මිලියන 30 ක හදිසි මානුෂීය ආධාර අරමුදල් සහ රුපියල් මිලියන 420 ක් වටිනා ද්‍රව්‍ය ලබා දී ඇත.
හිතවත් සිසුන් සහ ගුරුවරුනි, ශ්‍රී ලංකාව නව යුගයකට අවතීර්ණ වී ඇත.ඔබගේ නව ජනාධිපතිවරයාගේ ප්‍රබල නායකත්වය යටතේ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ලියැවෙමින් තිබේ.
සියලු අවදානම් සහ අභියෝග ජය ගැනීමට ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට හැකිවනු ඇතැයි මම විශ්වාස කරමි. දුෂ්කරතාවලින් ඉක්මනින් ගොඩ ඒමට, ආර්ථිකය පුනර්ජීවනය කිරීමට සහ සමෘද්ධිය සහ ශක්තිය ලබා ගැනීම වෙනුවෙන් ඔබ සැම රටේ අනාගතය සහ ජාතියේ බලාපොරොත්තුවයි.
අභිමානවත් මෙහෙවරක් ඔබේ කර මත තබාගෙන, ඔබට කැප්පිටිපොළ සහ තවත් අනන්ත විරුවන්ගේ නිර්භීත ආත්මය උරුම කර ගෙන ඉදිරියට ගෙන යාමට,වෙහෙස මහන්සි වී ඉගෙනීමට සහ උත්සාහ කිරීමට හැකි වනු ඇතැයි මම විශ්වාස කරමි. ශ්‍රී ලංකාවට වඩා සුන්දර නිජබිමක් ගොඩනැඟීමට හා ශ්‍රී ලාංකීය ජනතාවට තමන්ගේ දෙපයින් හිටගෙන සෞභාග්‍යය සහ ශක්තිය අත්කර ගැනීමට හැකිවනු ඇතැයි මට විශ්වාසයි.
මෙහිදී මම නිදහස සහ ප්‍රගතිය වෙනුවෙන් සටන් කළ සියලුම ශ්‍රී ලාංකික ජනතාවට උපහාර පුද කරන අතර ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට සහ චීනය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය සඳහා දායක වූ සියලුම ශ්‍රී ලාංකික ජනතාවට මගේ ප්‍රණාමය පුද කිරීමට කැමැත්තෙමි.ඔබ සියලු සිසු සිසුවියන්ගේ අධ්‍යාපනික සාර්ථකත්වය මම ප්‍රාර්ථනා කරන අතර, ඔබ ඔබට, ඔබේ රටට දීප්තිමත් අනාගතයක් නිර්මාණය කරනු ඇතැයි මම ප්‍රාර්ථනා කරමි.එය චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වයේ අඛණ්ඩ පැවැත්මට වැඩි දායකත්වයක් ලබා දෙනු ඇත.
ඔබ සැමට ස්තූතියි !





සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්
ජයග්‍රාහී ජාතියක් වීමට නම් මව් භාෂාවට මුල් තැන දිය යුතුයි.. – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග