News Category
From Date
To Date
Maximum Number of Result

ඉන්දීය අදානි සමාගම සමග සිදුකිරීමට නියමිතව තිබූ සුළං බලවිදුලි ව්‍යාපෘතිය මෙතෙක් අවලංගු කර නොමැති බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පවසයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් රැසකට ස්ථාන මාරු වීම් ලබා දීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම මූලස්ථානය පැවසුවේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි එම ස්ථාන මාරු වීම් ලබා දුන් බවය.

දරුවන්ට කායික දඬුවම් තහනම් කරන පනතක් ඉතා ඉක්මනට සම්මත කර ගන්නා බව අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ප

චීන විදේශ අමාත්‍යාංශය එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය "දිව දෙකේ" ප්‍රතිපත්ති අනුගමනය කරන බවට චෝදනා කර ඇති අතර ආර්ථික බලවතුන් දෙදෙනා අතර ආතතීන් දිගටම පවතින බැවින් වර්ධනය වන සම්බාධක පීඩනයට "අධිෂ්ඨානශීලීව ප්‍රතිරෝධය දැක්වීමට" සහතික කර තිබේ.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ විසින් සිය සත්‍ය ජීවන අත්දැකීම් අළලා රචිත ‘සඳේ ගින්දර - Fire Of The Moon නවකතාව එළි දැක්වීම ඔහුගේ 55 වන උපන්දිනය යෙදෙන ඊයේ (මාර්තු 7) පස්වරුවේ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී සිදු කෙරිනි.

පසුගිය සිකුරාදා ධවල මන්දිරයේදී සෙලෙන්ස්කි සහ ට්‍රම්ප් අතර සිදුවූ ගැටළුව පිළිබඳව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ යසස් ධර්මදාස මහතා ලංකා ලීඩ් නිවුස් වෙබ් අඩවිටට ප්‍රකාෂකරේ ඇමරිකන් ජනාධිපතිතුමාට එම සාකච්ඡාවේ අරමුණ වූ ගිවිසුම්ගතවීමට අපොහොසත්වූ බවයි.

කාන්තාවන් වෙනුවෙන් වෙන් වූ ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී තිබේ. සම කාන්තා අයිතීන් සම්බන්ධ ඉල්ලීම් 20 වැනි සියවස මුල් භාගය දක්වා දිවයයි. කාන්තා වෘත්තීය අයිතීන් ඉල්ලා 1857 වසරේ මාර්තු 08 වනදා අමෙරිකාවේ නිව්යෝර්ක් හි ඇඟලුම් කම්හලක සේවිකාවන් පිරිසක් විරෝධතා කළ බව නොනිල වාර්තා පළවුවත්, පසුව හඳුනා ගැණුනේ එය නිර්මාණය කළ සිදුවීමක් ලෙසය.

අරගල සමයේ නිවාස ගිනිගත් මන්ත්‍රින් සඳහා රජයෙන් ලබාදුන් වන්දි මුදල්වලට අමරතව රජයේ වියත්පුර නිවාස සංකිරණයෙන්ද නිවාස ලබාගෙන ඇතැයි නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසයි. වියත්පුර නිවාස සංකීර්ණයේ නිවාස විකිණිමේදී සාමාන්‍ය විකුණුම් ක්‍රමවේදයෙන් බැහැරව මන්ත්‍රිවරන්ට පහසු ආකාරයේ ගෙවිමේ ක්‍රමයක් යටතේ මෙම නිවාස මිලදි ගෙන තිබුණි. ඔවුන් නිවාස සඳහා ගෙවිම් කිරිමට වසර 15ක කාලසිමාවක්ද ලබාගෙන තිබේ.

ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවේග විසින් ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල් ගිල ගැනීමේ මෙහෙයුම සම්බන්ධයෙන් මාධ්‍යෙව්දී ධර්ම ශ්‍රී කාරියවම් මහතා තම යූටියුබ් නාලිකාවට වීඩියෝවක් එක්කර ඇත. ඇමරිකනු මුදල් ලෝකයේ රටවල් ගිල ගැනීමට පාවිච්චි කරන අන්දම රහසක් නොවන මුත් එය සිදුවන්නේ කෙසේදැයි මෙම විඩියෝව මගින් කරුණු සහිතව පැහිදිලි කර ඇත.


ප්‍රධාන පුවත්

අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..

මෙරට පෞද්ගලික ඉන්ධන සමාගම් සතුව දැනට මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් ක්ෂණික ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත්, එහෙත්, දිගින් දිගටම පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ඉදිරි මාසවලදී අඛණ්ඩ ඉන්ධන සැපයුම පවත්වාගෙන යෑම සඳහා රජය පැහැදිලි උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත් ඉන්ධන ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ දැනට ක්‍රියාත්මක වන වැඩසටහන මඟින් සාර්ථකව අත්පත් කරගත් ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව ආරක්ෂා කරගනිමින්, රටේ ඉදිරි ආර්ථික වර්ධනය තවදුරටත් වේගවත් කිරීම උදෙසා ඉදිරියේදී තවත් නව එකඟතාවකට එළඹීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..

මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කරයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.