News Category
From Date
To Date
Maximum Number of Result

පළාත් සභා යටතේ පාලනය වන ළමයින් 200ට අඩු පාසල්වල ප්‍රාථමික අංශයේ අධ්‍යාපන කටයුතු ඔක්තෝබර් 21 වනදා සිට ආරම්භ කිරීමට පළාත් ආණ්ඩුකාරවරු විසින් තීරණය කර තිබෙනවා.

ජනවාරි සිට මාර්තු දක්වා වූ කාලය තුළදී ඇමරිකානු ඩොලර් මිලියන 14ක පෞද්ගලික රථවාහන ආනයනය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.


ප්‍රධාන පුවත්

ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය සියලුදෙනා වහාම අත්අඩංගුවට ගන්නැයි නියෝග

ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ‍්‍රාමික) මහතා පවසන්නේ ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ වලින් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් ඉවත්ව ගොස් සිටිනා සියළුම පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත්කර ඇති බවයි.

නියෝජ්‍ය ඇමතිගේ කථාවට අගමැතිනියත් අප්‍රසාදයෙන්

නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා විසින් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය අනුමත නොකරන බව අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවාය. ඇය වැඩිදුරටත් පවසා සිටියේ, ඊයේ සිදු වූ දේ සිදු නොවුණානම් හොඳ බ

පොලිස්පතිගෙන් කොමිසමට දොස්

පොලිසියේ අභ්‍යන්තර පාලනයට පොලිස් කොමිෂන් සභාව යොමුවීම හේතුවෙන් පොලිසියේ පාලන කටයුතු කරගෙනයාමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවැසීය. පත්කිරීම, විනයානුකූලව කටයුතු කිරීම සහ ස්ථාන මාරු කිරීම පොලිස්පතිවරයාට සිදුකළ නොහැකි නම් එම පොලිස්පතිවරයා නාමික පොලිස්පතිවරයකු වන බවත් එහිදී පොලිස්පතිවරයාට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට බාධාවක් වන බවත් ප්‍රියන්ත වීරසූරිය මහතා පැවැසීය.

අවි බලය වෙනුවට මෘදු බලය.... USAID සල්ලි හුටපටයේ තිත්ත ඇත්ත (වීඩියෝ)

USAID සංවිධානය පිහිටුවන ලද්දේ අමෙරිකාවට බරපතළ හිසරදයක් වී තිබූ සෝවියට් දේශයේ ක්‍රියාකලාපය පාලනය කිරීම සදහා බවත් 1961 දී ඇමෙරිකානු ජනාධිපති ජෝන් එප් කෙනඩි ජනාධිපතිවරයා‌ගේ ඍජු මැදිහත්වීම යටතේ මෙම ආයෙනය පිහිටුවා ඇති බවත්, එතෙක් කලක් අවි බලයෙන් ඇමෙරිකානු අධිපත්‍ය පැතිරවීම වෙනුවට මෘදු ආකාරයෙන් ඇමෙරිකානු බලය ලෝකය පුරා පැතිරවීම මෙහි අරමුණ බවත් ධර්ම ශ්‍රී කාරියවසම් මහතා පවසයි.

ට්‍රම්ප්ගේ ගේම් පෑලැන් එකට අනුව ජාතික බලවේගත් ගොනාට අඳින්න පුළුවන් - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ඇමරිකානු ආධිපත්‍ය ලෝකය පුරා පැතිරවීම සඳහා මුල් යුගයේදී CIA සංවිධානය යොදාගත් නමුත් වඩා දියුණු ලෙස ලෝක ප්‍රජාව ගොනාට අන්දමින් එම න්‍යාය පත්‍රය ඉදිරියට ගෙනයාම සඳහා 1961 දී USAID සංවිධානය පිහිටු වූ බවත් ඉන්පසු එම ක්‍රියාවලිය වඩා ඉලක්ක සහගතව කිරීම සඳහා 1983 NED නැමති සංවිධානය සහ ඊට අනුබද්ධ සංවිධාන ජාලය පිහිට වූ බව ජාතික සංවිධානය එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.

රටේ ආරක්ෂක තත්ත්වය ගැන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක්

රට තුළ පවතින පාතාල කල්ලි ගැටුම් පාලනය පිළිබඳ සහ රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් මේ වනවිට පැවැත්වෙයි.

තරුණ සේවා සභාවේ කෝටි 18ක් ජනාධිපතිවරණ ඡන්ද වැඩට අරන්... කෝප් කමිටුවේදී හෙළිවෙයි

ජාතික තරුණ සේවා සභාවේ උත්සව සහ වැඩසටහන් කිහිපයක් වෙනුවෙන් වෙන්කර තිබූ රුපියල් කෝටි 18 කට වැඩි මුදලක් පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වියදම් කර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප්) තොරතුරු අනාවරණය විය.

ස්වෛරීභාවය සහතික නොකර අපගේ මව්බිම වන රුසියාවේ ආරක්ෂාව, රටේ අභ්‍යන්තර සංවර්ධනය වෙනුවෙන් හිතකර කොන්දේසි නිර්මානය කළ නොහැකියි-ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ විශේෂ ආරක්ෂක නිලධරී කර්නල් නිකොලායි බෙලියන්කින්

ස්වෛරීභාවය සහතික නොකර අපගේ මව්බිම වන රුසියාවේ ආරක්ෂාව, රටේ අභ්‍යන්තර සංවර්ධනය වෙනුවෙන් හිතකර කොන්දේසි නිර්මානය කළ නොහැකි බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ විශේෂ ආරක්ෂක නිලධරී කර්නල් නිකොලායි බෙලියන්කින් මහතා පැවසීය.

මේ අය වැය IMF වට්ටෝරුවට හදපු සිරිකොතේ සුවඳ තියෙන අය වැයක් . උවිඳු විජේවීර (වීඩියෝ)

වත්මන් ආණ්ඩුව විසින් ගෙනා ආ අය වැය IMF වට්ටොරුවට හදපු සිරිකොතේ සුවඳ තියෙන අය වැයක් බව දෙවන පරපුරේ නායක උවිඳු විජේවීර මහතා පවසයි. ඔහු මේ අදහස් පළකලේ ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ් මහතා මෙසේද පැවසීය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.