News Category
From Date
To Date
Maximum Number of Result

රණවිරුවන්ට එරෙහිව යුද අපරාධ හා ජන සංහාර චෝදනා එල්ල කිරීම සහ දඬුවම් කිරීම සඳහා නීති පැනවීම මගින් ආරක්ෂක හමුදා දුර්වල කර ඒකීය රාජ්‍ය බෙදා වෙන් කිරීමට කටයුතු කිරීම වැළැක්වීම පිළිබඳව "මාතෘභූමි සුරක්‍ෂා"නමින් ලිපියක් මගින් මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක හිමිවරු සහ අනු නායක හිමිවරුන් දැනුවත් කිරීම "ඒකීය රාජ්‍යය සහ රණවිරුවන් සුරැකීමේ සංවිධාන එකමුතුව" මගින් අද දින සිදු කළහ.

රෝහණ විජේවීරගේ දේශපාලන දර්ශනයෙන් බිහිවූ ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂයක් අධිරාජ්‍යවාදීන් විසින් අටවන ලද උගුල්වල වැටීමේ හැකියාවක් නොමැති බවට තමන් විශ්වාස කළද දැන් වන විට තත්වය වෙනස්වී ඇති බවත් අධාරජ්‍යවාදීන් විසින් අටවනු ලබන සියලු උගුල්වල ජනතාවිමුක්ති පෙරමුණ වැටෙමින් සිටින බවත් දෙවන පරපුරේ නායක උවිදු විජේවීර මහතා පවසයි.

පළාත් පාලන ආයතන පිහිටුවීමෙන් අනතුරුව පළාත් සභා ඡන්ද විමසීමද කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන බව රජය පවසනවා.

රට පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්ලග බේස් එක බැගින් සවි කිරීමට එකක් රුපියල් 72000ක මිලකට ප‍්‍රකට ව්‍යාපාරික ඉෂාර නානායක්කාර මහතාගේ සමාගමකට රුපියල් කෝටි පහ ඉක්මවූ කොන්ත්‍රාත්තුවක් ලබාදී ඇති බව ජන අරගල ව්‍යාපාරය සඳහන් කරයි.

සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා ඇතුළු පිරිසක් අනුරාධපුර, නුවර වැව නිරීක්ෂණය කිරීමට ගිය අවස්ථාවේදී වැව් බැම්ම හරහා ඇති මාර්ගයේ ගේට්ටුවක් වසා තිබීම සම්බන්ධයෙන් සිද්ධියක් වාර්තා විය.

මහජන විරෝධතා නොතකා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුකූල වීමට රජයට සිදුවන බව කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

2023 දී අවසන් වරට මනින ලද දින සිට ශ්‍රී ලංකාවේ ගෘහස්ථ ණය අර්බුදය තීව්‍ර වී ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) අනතුරු ඇඟවූයේ, එය මහ බැංකුව සමඟ ප්‍රධාන නව මූල්‍ය සාක්ෂරතා ව්‍යාපාරයක් පිටුපස තම බර පැටවූ බැවිනි.

කඳාන, ජා ඇල, වත්තල හා රාගම ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමේ දී නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ විවිධ නීතිවිරෝධී ක‍්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයන් 300කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

තුනුක්කායිවල දෙමළ කොටි ත්‍රස්තයන්ගේ වධකාගාරයක් තිබූ බවත්, එහි දී මරාදමන ලද දෙමළ වැසියන් පිළිබඳවද මේ වන විට තොරතුරු හෙළිදරව් වෙමින් පවතින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථන් මහතා පවසයි.


ප්‍රධාන පුවත්

රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..

රුසියාවේ තටාර්ස්තාන් ප්‍රදේශයේ තෙල් පිරිපහදුවක් පිහිටා ඇති නිශ්නෙකාම්ස්ක් නගරයේ කාර්මික සහ සිවිල් ඉලක්ක වෙත යුක්රේනය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් 39 දෙනෙකු තුවාල ලබා ඇති බව එම නගරයේ නගරාධිපති රද්මීර් බෙලියාව් පවසයි.

NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..

කෘෂිකර්ම, පශු සම්පත්, භූමිය සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා වෙත විශේෂ විවෘත ආයාචනයක් යොමු කරමින්, ජාතික මෘග සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමට ගෙන ඇති යෝජනාව වහාම නැවත සමාලෝචනය කරන ලෙස 'කෘෂි අරගල ව්‍යාපාරය' ඉල්ලා සිටියි.

"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්

ඉරානය සමග පවතින දීර්ඝකාලීන යුධමය තත්ත්වය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ අතිනවීන ගුවන් ආරක්ෂක සහ ප්‍රහාරක මිසයිල තොග දැඩි ලෙස ක්ෂය වී ඇති බැවින්, මෙම යුද්ධය වහාම අවසන් කළ යුතු බව ප්‍රකට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශාරද මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් (John Mearsheimer) අවධාරණය කරයි.

බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්

විහාරගම් හා දේවාලගම් පනත වෙනස් කරමින්, එම ඉඩම්වල පදිංචිකරුවන් විහාරස්ථානවලට එරෙහිව නඩු මඟට යොමු කිරීමට බුද්ධශාසන අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා උත්සාහ කරන බවට මතුගම සෙනෙවිරුවන් මහතා චෝදනා කරයි.

ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..

ගාසා තීරයේ පවතින අර්බුදය විසඳීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කළ කරුණු 15කින් සමන්විත සාම සැලැස්ම ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..

පිලිපීනය සහ කාම්බෝජය වැනි රටවලින් පලවා හරින ලද ආසියානු පාතාල කල්ලි සහ නීති විරෝධී අන්තර්ජාල සූදු ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන නවාතැනක් බවට ශ්‍රී ලංකාව, විශේෂයෙන්ම කොළඹ වරාය නගරය පත්වෙමින් පවතින බව 'The Island' පුවත්පත මගින් අනාවරණය කර ඇත.

ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.

NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.