News Category
From Date
To Date
Maximum Number of Result

පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිදුකරන ප්‍රකාශ කිසිඳු අවස්ථාවකදී ඍණාත්මකව නොසළකන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

මහ බැංකු දත්ත පෙන්වා දෙන ආකාරයට පසුගිය ජනවාරි මාසයේදී පමණක් රජය රුපියල් ට්‍රිලියනයක ණය මුදලක් ලබාගෙන ඇති බව වාර්තා වේ.

පාස්කු ප්‍රහාරයටත්, බටලන්දටත් වඩා මහා පරිමාණ ඛණිජ සම්පත් ජාවාරමක භූ විද්‍යා හා පතල් කැණිම් කාර්යංශය නිරතව සිටින බව ලහිරු වීරසේකර මහතා පවසයි. ඔහු ඊයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ සම්බන්ධයෙන් අනාවරණයක් සිදුකළේය.

බටලන්ද වාර්තාව මුල් කරගෙන විවිධ පාර්ශවය විසින් එකිනෙකට පරස්පර විවිධ මතවාදී පළ කිරීම් තුළ මෙම ක්‍රියාවලියේ අවසානය කුමක් විය හැකිද යන්න පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය නැවත වටයකින් විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්..

අද ආණ්ඩුව කරවන ඊනියා පුනරුද පාලකයන් රනිල් වික්‍රමසිංහ සමග එක්වී එදා සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයෙන් දිනවීමට දැඩි උත්සාහයක නිරතවූ බවත්, තමන් එකම වේදිකාවක සිටින්නේ බටලන්ද වධකාගාරය සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයා සමග නොවේදැයි පුනරුද නායකයන්ට එදා නොදැනුනේ ඇයි දැයි ජානිපෙ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රශ්න කරයි.

සැලසුම් කර ඇති පරිදි පැය 24 ක වැඩවර්ජනය හෙට මාර්තු 18 ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය පවසයි.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය විසින් අද නිෂ්ප්‍රභ කර ඇතැයි වාර්තාවේ. 2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ පිහිටි W 15 හෝටලයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී තිබෙන නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලන ලෙස අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ පෙත්සම මෙසේ නිෂ්ප්‍රභා කර ඇතැයි වාර්තාවේ

පැනමාවේ සහ වෙනත් ස්ථානවල පිහිටි වරායන් ඇමරිකානු වත්කම් කළමනාකරුවෙකුගේ නායකත්වයෙන් යුත් ආයෝජන කණ්ඩායමකට විකිණීමට ගත් තීරණය සම්බන්ධයෙන් හොංකොං නගරය පදනම් කරගත් සමූහ ව්‍යාපාරයක් වන CK Hutchison Holdings සමාගම විවේචනය කරමින් හොංකොං පුවත්පතක් වන Ta Kung Pao පුවත්පත විසින් ප්‍රකාශයට පත් කරන ලද විමර්ශන වාර්තා දෙකක් හොංකොං හි මධ්‍යම රජයේ පුවත් පත් ආයතන දෙකක් විසින් නැවත පළ කරනු ලැබීය.

පසුගියදා නිමාවුන සත්ව සංගණනය පිළිබඳව ලංකා ලීඩ්ස් නිවුස් වෙබ් අඩවියට ප්‍රකාශයක් කරමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස මහතා පවසා හිටියේ සත්ව සංගණනය පිළිබඳව වඩාත්ම සතුටුවන පුද්ගලයා හිටපු ජනාධිපති මහින්ද රාජපකෂ මහතා විය හැකි බවයි. එතුමාගේ සම්පූර්ණ ප්‍රකාශය පහත සඳහන්වේ.


දේශීය පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා පෙත්සමකට අත්සන් ගැනීම දෙව්නුවරින් ඇරඹෙයි..

සිරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසදාර හිමිට ජනපති පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50කින් යුත් පෙත්සමකට ජනතා අත්සන් ලබා ගැනීම අද (09) දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ.

ග්‍රීක බැඳුම්කර නඩුවේ අභියාචනය හිටපු මහ බැංකු අධිපති ඉල්ලා අස්කර ගනියි..

ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාළව තමන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ගොනුකර තිබෙන නඩුව අභියෝගයට ලක් කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන තිබේ.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

ඥානසාර හිමිගේ ජනාධිපති සමාව අවලංගු වුනේ සමාව නොලැබිය යුතු කෙනෙක් නිසා නෙවෙයි.. - ඥානසාර හිමියන් ගේ නීතිඥවරයා හෙළිකරන කතාව..

ඥානසාර හිමියන්ට හිමිවූ ජනාධිපති සමාව සම්බන්ධයෙන් වැරදි මතයක් සමාජයට පෙන්වා දී ඇති බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය පැවසුවේ එම සමාව වැරදි දෙයක් ලෙස නොව එහිදී අනුගමනය කර තිබූ ක්‍රියාපටිපාටියේ වැරදි සහගත තැන් සම්බන්ධයෙන් බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමිගේ නීතිඥවරයා පවසයි.

සන්ධ්‍යා එක්නැලිගොඩට ජීවිත තර්ජනයක් තිබෙනවා නම් භාරදිය යුතු හොඳම තැන විමල් කියයි..

හිටපු අමාත්‍ය සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා අත්අඩංගුවට ගැනීමේ සිදුවීම් පිළිබඳව අදහස් දක්වා සිටියේය.

මාලිමා ඇමතිවරුන්ගේ වංචා වසන් කිරීමට ජනාධිපතිවරයා ගහපු ගේම ගැන අජිත් පී. පෙරේරාගෙන් හෙළිදරව්වක්..

ජාතික ජන බලවේග (මාලිමා) ආණ්ඩුවේ අමාත්‍යවරුන් සම්බන්ධයෙන් එල්ල වන දූෂණ හා වංචා චෝදනා හසුවීමට ආසන්න වන විට, ඒ පිළිබඳ සොයා බැලීම වෙනුවට එම කරුණු වසන් කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව උත්සාහ කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසයි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.