බැංකුවේ මුදල් ලක්ෂ 50ක් අහුලා ආපසු බැංකුවටම දුන් හිතහොඳ මිනිසා
මාතර ලංකා බැංකුව අධි ශ්‍රේණි ශාඛාවේ රථ ගාල ආසන්නයේ බිම වැටී තිබු රුපියල් ලක්ෂ 50 ක මුදලක් අහුලා නැවත එම බැංකුව වෙත භාර දීමට මාතර නගරයේ කූරියර් සේවා සපයන ආයතනයක සහකාර කලමණාකරුවකු වන චන්දන උදයංග (38) මහතා ඊයේ (02) සවස කටයුතු කළේය.
එම බැංකුවේ සේවකයින් විසින් ඒ.ටී.එම්.යන්ත්‍ර වෙත හෝ මහ බැංකුවේ තැන්පත් කිරීමට රැගෙන යන මුදල් තොගයෙන් ලක්ෂ 50 ක් එසේ බිම වැටෙන්නට ඇති බවට සැක කෙරේ.
මෙම සත්කටයුත්ත කර ඇති චන්දන උදයංග මහතා අහංගම ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
බිම වැටී තිබු ලක්ෂ 50 ක මුදල් නෝට්ටු තොගයේ ඡායාරූපයක් ලබා ගෙන ඇති ඔහු පසුව එහි ආරක්ෂක නිලධාරියෙකුට ඒ බව දන්වා බැංකු නිලධාරියෙකු ද කැදවා ඔවුන්ට එය භාර දී තිබේ.
පසුව ඔහු තමන් පැමිණි කටයුත්ත වෙනුවෙන් බැංකුවේ මුදල් තැන්පත් කරන පෝලිමේ සිටින විට එම සිද්ධිය ඈත සිට දුටු මාතර කඹුරුගමුව රථ වාහන අලෙවි ආයතනයක හිමිකරුවකු වන අනිල් සුදුසිංහ මහතාට සිදු වු දෙය පවසා ඇත.
ව්‍යාපාරික අනිල් සුදුසිංහ මහතා බැංකුවේ කලමණාකරු හදුනන අයෙකු වන බැවින් ඔහු චන්දන උදයංග මහතා ද කැදවා ගෙන කලමණාකරු හමු වීමට ගොස් තිබේ.
එම අවස්ථාවේ දී බැංකු කලමණාකරු එම සත් කටයුත්ත කල චන්දන උදයංග මහතාගේ නම ගම ආදී විස්තර සටහන් කර ගෙන එවැනි ක්‍රියාවක් සිදු කිරීම ගැන ස්තූතිය පුද කර ඇත.
මෙවැනි මිනිසුන් සමාජයේ විරල බැවින් ඔහු ඇගයීමට ලක් කරන ලෙසට ව්‍යාපාරික අනිල් සුදුසිංහ මහතා ලිපියක් මගින් බැංකු කලමණාකරුගෙන් ඉල්ලීමක් කිරීමට ද තීරණය කර ඇත.
මෙම සත් ක්‍රියාව සිදු කල චන්දන උදයංග මහතා මෙසේ කීය.
“මම මුදල් තැන්පත් කිරීමට බැංකුවට ආවේ. යතුරු පැදිය නවත්වනවාත් සමගම මට දුරකතන ඇමතුමක් ආවා. මම ඒ ඇමතුමට ප්‍රතිචාර දක්වමින් සිටින බැංකුව බැංකුවේ උද්‍යානය ආසන්නයේ මුදල් බණ්ඩලයක් වැටී තිබෙනවා දැක්කා. ඒ සමගම මම ජංගම දුරකනයෙන් එහි ඡායාරූපයක් ගත්තා. ඒ මගේ ආරක්ෂාවට. පසුව ආරක්ෂක නිලධාරියෙකුට දුර ඉදන් කතා කොට ගෙන්වා ගත්තා. පසුව එය බැංකු නිලධාරියෙකුට භාර දුන්නා.මගේ කටයුත්තට පෝලිමට ගිය විට ඒ අසලම සිටි ව්‍යාපාරික මහතෙකු මොකක්ද වුනේ කියා ඇහුවා.මම සිද්ධිය කීවාම.ඔහු මා කලමණාකරු ලගට එක්ක ගෙන ගියා.පසුව කලමණාකරු මට ස්තූතිය පුද කලා.මම ප්‍රෝන්ටෝ කූරියර් ආයතනයේ සහකාර කලමණාකරු ලෙස රැකියාව කරන්නේ.මම කල හොද ක්‍රියාව නිසා ව්‍යාපාරික මහතා මගේ ඡායාරූපයක් පවා ලබා ගත්තා.මම ඒත් කීවා මම හිත හොදින් කලේ. ප්‍රසිද්ධියක් ඕන නෑ කියලා."
- ලංකාදීප -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන